හපන්කම්, මෝඩකම්, තක්කඩිකම් සහ පුරසාරම්
මෝඩකමක් ........
මහදැනමුත්තෝ
"Zig-Zag-Zebra Crossings"
දැකලා තියෙනවද "සිග්-සැග් පදික මාරු" ?
අහම්බෙන් මේ ඡායාරූප දෙක හමුවුණා. ටිකක් දුර්ලබ පින්තූර නිසා ඉදිරිපත්කරන්න හිතුනා. මට හරියටම වර්ෂය මතක නැහැ 2005-2008 පමණ කාලයේ වෙන්න ඕනැ. මේ නුවර-පේරාදෙණිය පාර; මා මේ සිද්ධිය ඒ දිනවල දුටු මගියෙක්. මේ පදික මාරු අපේ සිනහවට ලක් වූ දේ.ඡායාරූප ගත්තෙත් විශේෂ දෙයක් වූ නිසාමයි. නුවර සිට පේරාදෙණියට යන බසයක වම් පැත්තේ ඉස්සරහම සීට් එකේ සිට ගත් ඡායාරූප.
අසන්නට ලැබුණු තොරතුරු අනුව කතාව මෙහෙමයි.
මහනුවර පේරාදෙණිය පාරේ පාසල් 8-10 ක් විතර තියනවා. ජනප්‍රිය ඇඟළුම් වෙළඳ සැල්, වෛද්‍ය චැනල් සෙන්ටර් එහෙමත් තියනවා. සමහර 'වැදගත් පුද්ගලයින්' ගේ නිවාස වලට යන්න තිබෙන්නෙත් මේ හරහා. ඒ දිනවල උදයට සහ හවසට මගී බස්, පාසල් දරුවන් රැගෙන යන වාහන නිසා පුදුම තද බදයක් තිබුණේ. ඒ කිලෝ මීටර 4-5 යා ගන්න සෑහෙන කාලයක් ගතවුණා. පොලීසියේ මහත්වරුත් ලොකු දුකක් වින්දා. අවසානයේදී අදාල බලධාරීන් සාකච්ඡා කරලා රථ වාහන සැලැස්මක් සකස් කළා. පේරාදෙණිය පාර සහ ඊට සමාන්තරව තිබෙණ විලියම් ගොපල්ලව පාර යොදාගෙන එක අතකට පමණක් වාහන යවන්න. මේ ගැන කලින් දැනුවත් කරළා, අත්හදා බැලීම් එහෙම කරළා ඔන්න අපූරුවට ඒ වැඩේ පටන් ගත්තා කියමුකෝ. තිබුණු ගැටළුව විසඳුණා. මාර්ග තදබදය අඩුවුණා. කාලය ඉතිරි වුණා.
හැබැයි ඒ කොටසේ අයට වාහන වලින් වටයක් යන්න සිදුවුණා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ අයටත් උදයට හෝ සවසට එක පාරක සිට අනෙක් පාරට යන්න මීටර් 50-100 පමණ ඇවිදින්න සිදුවුණා.
ටික දිනකින් උසාවියේ නඩුවක් ගොණුවුණා. එක් දිශාවකට පමණක් ධාවනය වීමේදී වාහන වේගයෙන් යන නිසා, මේ ක්‍රමය පාසල් සිසුන්ට අනතුරු දායකයි කියලා. සැබෑ කතාව නම් ඒ කොටසේ තිබුණු වෙළඳ ව්‍යාපාරවල ආදායම ට මෙම වැඩ පිළිවෙල නිසා ලොකු පාඩුවක් වූවාලු. 'වැදගත් පුද්ගලයින්' ට වටයක් යාම අපහසුවක් වූවාලු.
විනිසුරු තුමාටත් බරපතල ප්‍රශ්නයක්. එතුමාත් ඇඟ බේරාගෙන, මේ ගැටළුවට නිවැරදි විසඳුමක් යෝජනා කරන්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයට යොමු කළාලු. ඊට පසුව සතියක් හමාරක් අප දුටුවා විශ්ව විද්‍යාලයයේ සිසු සිසුවියෝ පාරේ වාහන ගණන් කරමින්, දිග පළල මනිමින් සටහන් තබා ගන්නවා.
ටික කාලයකට පසුව දුටුවා පාරේ දිගට හරහට සුදු කහ ඉරි අඳිනවා. මේ තමයි අර සරසවි ඇදුරු තුමන්ලා, එකතු කර ගත් දත්ත පදනම් කරගෙන, තම උගත් දැණුම යොදාගෙන ගැටළුවට ලබා දුන් තර්කානුකූල, න්‍යායාත්මක විසඳුම....... ඒ අනුව ලද උසාවි නියෝගය.........
පාර තුනට බෙදලා සිග්-සෑග් පදික මරු යොදා තැනින් තැන ලේන් මාරු කරන්න ඊ තල යොදා තිබුණත්, මේකෙ යන්න ඕනෑ ක්‍රමය කාටවත් තේරුම් ගන්න බැරිවුණා. සමහර විට සෙමෙන් යන වාහන දෙපස මන්තීරු වල යාමට සලස්වා වේගයෙන් නොනවත්වා යන වාහන මැද තීරුවේ යැවීමට විය හැකියි. ඒත් මැද තීරුවේ දෙපසටම වාහන යන්නේ කෙසේදැයි සිතන්න අමතක වෙන්න ඇති.
අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ තිබුණට වඩා ලොකු අවුළක් වුණා. වාසනාවකට සිග්-සෑග් යන්න ගිහින් අනතුරකට පත්වූ පදිකයින් හෝ පාසල් සිසුන් ගැන නම් අසන්න ලැබුණේ නැහැ.
ටික දිනක් උත්සාහ කරලා, මෙහි අසාර්ථක බව පිළි අරගෙන යලිත් පරණ ක්‍රමයටම පාර දෙකේම දිශා දෙකටම යන්න සිදු වුණා.
සමහර ගැටළු වලට පොතේ ඇඳලා න්‍යායාත්මකව ඒ ඒ ක්ෂේත්‍ර වල උගතුන් දෙන විසඳුම් ප්‍රායෝගිකව යොදා ගන්න යන විටයි යථාර්තය තේරෙන්නේ....
පුංචි සන්ධියේ අහපු මහදැනමුත්තා ගේ කතා මතක්වෙනවා නේද? වාසනාවට එළුවා මරන්න කලින් මුට්ටිය බිඳලා වැඩේ ගොඩ දා ගත්තා.
නඩුකාර උන්නාන්සේ උනත් ආචාර්ය මහාචාර්ය තුමන්ලාගේ විසඳුම ප්‍රායෝගිකද කියල සොයා බලන්නේ නැතුවම තීන්දුව දීලා ...
අපරාදෙ මහජන මුදල් කියලා නොකියන්නේ අපේ රටේ ඉහළ තැන්වල වැජඹෙණ, වැජඹුණු ලොක්කෝ මහජන මුදල් වලින් කරලා තියෙන මරි වැඩ වලින් මේක බොහොම සුළු එකක් නිසා ......
1970 අප උසස් පෙළ අධ්‍යාපනය අරඹන විට අපේ පන්තියේ 'උපාලි' ලා හතර දෙනෙක් විය.
උපාලි අමරවංශ පාසලේ කණිෂ්ට ක්‍රීඩා, ශීෂ්‍යභට ක්‍රියාකාරකම් වල කැපි පෙණුනු චරිතයකි. මාස කිහිපයක් අප සමග සිට ලා බාල වයසේදීම සාමාන්‍ය පෙළ ප්‍රථිපල මත රක්ෂණ සංස්ථාවේ රැකියාවකට ගිය ඔහු විශ්‍රාම ගන්නා විට රක්ෂණ සංස්ථාවේ උසස් තනතුරක් දරමින් සිටියේය.
උපාලි එදිරිසිංහත් ක්‍රීඩා, ශීෂ්‍යභට ක්‍රියාකාරකම් වල දී කැපි පෙණුනු අයෙකි. 'එදිරි' දිගටම එම කටයුතුවල උපරීමයෙන් නිරත වී පාසලේ ක්‍රිකට් නායක, ශීෂ්‍යභට සාජන් මේජර්, ප්‍රධාන ශිෂ්‍ය නායක සහ සෑම අතින්ම දක්ෂ තාවය සඳහා වන රන් පදක්කමද දිනාගත් අතර පසුව හමුදා සේවයට බැඳී එහි මේජර් ජනරාල් තනතුරක් දක්වා උසස්වීම් ලැබ විශ්‍රාම ලැබීය. ( විශ්‍රාම ගැනීමෙන් පසුව 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සම්බන්දිකරණ කටයුතු වල යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු 'එදිරි' වසර කිහිපයක්ම බන්ධනාගාර ගතව සිට පසුව නිදහස ලැබීය.)
උපාලි දාහිගමුව පන්තියේ සිටි පොඩිම එකාය. සමස්ත ලංකා අවසන් වටයට ගිය 'මහදැනමුත්තා' නාට්‍යයේ ඉඳිකටු පැංචගේ චරිතය කළේ 'දාහි'ය. කුඩා සිරුරට අමතරව රංගනයේ හැකියාවද ඔහු සතුවිය. 'දාහි' විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස මහවැලි අධිකාරියේ සේවය කරන අතර විනෝද ගමනකදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී මරණයට පත්විය. ඒ 1980 ගනන් වල තරුණ අවධියේමය.
උපාලි ඒකනායක පන්තියේ සිටි මධ්‍යස්ථ චරිතයකි. මෙහි කතා නායකයා ඔහු බැවින් මින් ඉදිරියට මා 'උපාලි' කියා සඳහන් කරන්නේ 'උපාලි ඒකනායක' ගැනය.
ඔහුත් ආසාවෙන් ක්‍රිකට් සෙල්ලම් කළේය . පුහුණුවීම් සඳහා නොකඩවා සහභාගි විය. නමුත් කණ්ඩායමේ තැනක් ලබාගන්නට තරම් දක්ෂ තාවයක් පෙන්වීමට උපාලි අසමත් වන්නට ඇත. (මා මෙසේ කියන්නේ ඒ කාලයේ අද වගේ 'කැපිලි' හෝ 'ඇදිලි' තිබුණු බවක් අපට නොදැණුන නිසාය. අද නම් ඇති හැකි දෙමාපියන් ක්රීඩාභාර ගුරවරුනට සහ පුහුණුකරුවන්ට බලපෑම් කිරීම, අල්ලස් දීම සහ ගැනීම, කුඩා දරුවන් අතර පවා එළිපිට කතාවන මාතෘකාවකි.) ක්‍රිකට් කණ්ඩායමේ උපාලි ට ළඟාවන්න හැකි වූ ඉහලම තැන පළමු අතිරේක ක්‍රීඩක ස්ථානයයි. ඒ අවස්ථාව ඔහු පිළිගත්තේ මහත් සතුටකිනි. පුහුණුවීම් සහ පිට පලාත්වල ක්‍රිකට් තරඟ සඳහා සහභාගි වීම් වලදී පන්තියේ පාඩම් කටයුතු අතපසු වීම නොවැලැක්විය හැකි කරුණකි. 'තල නම් තෙලට වේලෙති මී බෙටි කුමට වේලෙති?' වැනි උපමා දක්වමින් සමහර ගුරුතුමන්ලා නගන ලද චෝදනා සහ දෝෂාරෝපණ ද ඔහු කිසිවක් නොදොඩාම බිම බලාගෙනම අසා සිටියේය.
ක්‍රිකට් තරඟයක අප පාසල් කණ්ඩාම පන්දු රකිද්දී, උපාලි ක්‍රිකට් ඇඳුම් පැළඳගෙන අවශ්‍ය වූවොත් පිටියට යන්න සූදානමින් ක්‍රීඩාගාරයට වී සිටියේය. අප ක්‍රීඩකයින් පන්දුවට පහර දෙනවිට පිත්තක් හෝ අත් වැස්මක් මාරු කිරීමට සිදුවූ අවස්ථා වලදී එය රැගෙන පිටිය මැදට ගියේ උපාලිය. විටෙක අපි ඔහුට විහිළු කළෙමු. සමහර විට උපාලි ඉදිරිපිටදීම කණ්ඩාමේ ක්‍රීඩා කළ යහළුවෙකුට, බොරු ලෙඩක් පෙන්වා ක්‍රිඩාගාරයට ගොස් උපාලිට අවස්ථාවක් ලබාදෙන ලෙසට යෝජනා කළෙමු. මෙවැනි කවටකම් වලට බොහොම උපේක්ෂාවෙන් මුහුණ දුන් ඔහු සිනහවකින් පමණක් ප්‍රතිචාර දැක්වීය. වරක් ආබාදයකට ලක්වූ ක්‍රීඩකයකු වෙනුවට පිටියට පැමිණි උපාලි හයේ සීමාව අසලදී උඩ පන්දුවක් රැකගනිමින් අනෙක් පිළේ දක්ෂ පිතිකරුවකු දවාගැනීමට සමත්විය. එම උඩ පන්දුව රැක ගැනීම නිසාම අපි තරඟය ජය ගතිමු. එදින නම් ඔහු අප සැමගේම වීරයකු විය.
උපාලිගේ දයාබර පියාණන්ගේ අභාවය සිදුවූයේ අප උසස් පෙළ උගනිද්දීය. ඒ දින කීපයක පාසල් නිවාඩුවක් තුලදීය. ජංගම දුරකතන ගැන අසාවත් නොතිබූ, නිවාස වලින් සියයකට එකකවත් ස්ථාවර දුරකතන පහසුකම් නොතිබූ අවධියක අපට එම අභාවය පිළිබඳව දැනගන්නට ලැබුණේ ඊළඟ සතියේ පාසල් ගිය විටය. විදුහල්පති තුමාගේ විශේෂ අවසරයක් ලබාගෙන, පාසල් දිනක පන්ති භාර රොහාන් ජයවික්‍රම ගුරුතුමන්ද සමග සත්දින දානය සඳහා අප සියළු දෙනම සහභාගි වූ අයුරු මතකය. එකතුකරගත් මුදළින් කිරි හට්ටි කිහිපයක් සහ පැණි බෝතලයක් ගෙන තනිදොර කුඩා ලංගම බසයක හිරවී ගිය ගමන ගැන බොහෝ කලක් යනතුරු අපි කතා කළෙමු.
ඒ උසස් පෙළ විෂයයන් සඳහා බාහිර ගුරුවරුන්ගේ ටියුෂන් පන්ති තැන තැන ඇරඹුනු අළුතය. පෝස්ටර්, බැනර්, වෙළඳ දැන්වීම් ආදිය නොවීය. පළමු වරට පාසලෙන් විභාගය ට මුහුණ දෙන සිසුන් ගේ ඒ සඳහා යොමුවීමක් නොවූ තරම්ය. බොහෝ විට ටියුෂන් පන්ති සඳහා සහභාගි වූයේ දෙවන වරට විභාගයට පෙනීසිටින සිසුන්ය. එනිසාම අප පාසල් සමයේ අවසන් වසර කිහිපය සැහැල්ලුවෙන්, සහෝදරත්වයෙන්, විවේකයෙන් සහ සතුටින් ගතකළ කාලයක් විය. හැකි උපරිමයෙන් ඉගෙනීම කළා විනා අසවල් වෘත්තියට යා යුතුයැයි විශේෂිත වූ ඉලක්කයන් ද අප බොහෝ දෙනෙකු තුල නොවීය.
1971 ජ.වි.පෙ. කැරැල්ල ඇති වූයේද අප උසස් පෙළ හදාරද්දීය. මිතුරන් කිහිප දෙනෙකු චේ ගුවේරා සහ විප්ලවය පිළිබඳව උනන්දුවෙන් විප්ලවකාරීන් ලෙස කතාකළ නමුත් කිසිවෙක් අප ඒ සඳහා යොමුකරවා ගැනීමට හෝ 'කොක්ක ගහන්නට' ආවේ නැත. බොහෝ සැප සම්පත් නොවින්ද ද අප, කුසට අහරත්, ඇඟට වස්ත්‍රත්, හිසට වහලත් සමග මූලික අධ්‍යාපන පහසුකම්ද ඇතිව තෘප්තිමත් බව කෙසේ වූවත් ලද දේ පිළිබඳව සෑහීමකට පත්ව සිටි කණ්ඩායමකි. පාසල් දිවිය අවසන රැකියාවක් සොයා ගැනීම අවිනිශ්චිත කරුණක් බවට එදා අපි නොදුටුවෙමු. පවතින ක්‍රමය වෙනස් කිරීමේ විශේෂිත උවමනාවක් ද අපට නොවීය. එබැවින්ම 1971 අප්‍රේල් කැරැල්ල සංසිදී දිගු නිවාඩුවකට පසුව පාසලට යද්දී පන්තියේ සියළු දෙනම නැවත පැමිණ සිටිණු දැකීම අපට මහත් අස්වසිල්ලක් විය. අපේ පන්තියේ සමාජවාදය සහ රතු විප්ලවය ගැන කතාකළෝ ද බොරු විප්ලවවාදීන් බව එදින දැන ගතිමු. මා දන්නා තරමින් අත්අඩංගුවට ගෙන පුනරුත්තාපන කඳවුරු වලට යොමු කොට තිබුනේ අප පාසලේ අපට ඉහළ පන්තිවල සොයුරන් දෙදෙනෙකු පමණි.
ඔවුන් දෙදෙනාගෙන් එකෙකු පුනරුත්තාපන කඳවුර තුලදී උසස් අධ්‍යාපනයට යොමුවී ඉංජිනේරු වරයකු ලෙසට සමාජයට පැමිණ දැනට විදෙස් ගතව දිවි ගෙවන අතර අනෙකා පුනරුත්තාපනයෙන් අනතුරුව විජය කුමාරතුංගයන් සමග දේශපාලනයට එක්වී පසුව කැබිනට් ඇමති තනතුරක් දක්වා යාමට සමත්විය.
පාසල් දිවිය අවසානයේ අප පන්තියේ කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලද අතර ඉතිරිය තම තමනට උරුමව තිබූ අනෙකුත් රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්රයන් සඳහා යොමු විය. උපාලි යොමු වූයේ කටුබැද්ද ජාතික තාක්ෂණ ඩිප්ලොමාව සඳහාය. ඩිප්ලොමාවෙන් පසුව ඔහු ගුවන්විදුලි සංස්ථාවේ සේවය සඳහා බැඳුණු බව වෙනත් මිතුරෙකුගෙන් පසු කලකදී දැන ගතිමි.
පාසලෙන් වෙන්වීමෙන් පසුව මගේ ඇසුර පාසල් මිතුරන් කිහිප දෙනෙකුට පමණක් සීමාවිය. තවත් කිහිප දෙනෙකු හමුවූයේ මා facebook භාවිතයට යොමුවූ පසු ඒ හරහාය. වසර 40 කට පමණ පසුව උපාලි සමග ඇසුර අළුත් වූයේද පසුගිය වසරේදීය. අපේ පැරණි ගුරුතුමකු වූ වීරසේකර සර් හමුවී මා ගත් ඡායාරූපයක් මගේ මිතුරකුගේ පිටුව හරහා දුටු ඔහු සර්ගේ ලිපිනය සහ දුරකතන විස්තර ආදිය fb හරහා විමසූ බැවින් යලිදු අප අතර සබඳතා ගොඩ නැගුණි. උපාලිගේ fb පින්තූරය පමණක් දුටුවේනම් මා කිසිසේත් ඔහුව හඳුනා නොගනු ඇති බවද මා ඔහුට කීවෙමි. මන්ද පාසල් සමයේදී දිගටිවට උල්වට තිබුණු ඔහුගේ මුහුණ අද පැහැදිලි රවුම් හැඩයකට වෙනස්වී තිබූ බැවිණි.
අනතුරුව අප ඉඩලද අවස්ථා වලදී fb හරහා අදහස් හුවමාරු කර ගතිමු. තමා ගුවන් තොටුපල අධිකාරියේ සහ ලංකා ඒවියේශන් පුද්ගලික සමාගමේ ද සේවය කළ බවත්, දරුවන් රැකියාවල සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය ඉරිදා එනම් මැයි 24 වනදා උපාලි ඒකනායකගේ උපන් දිනය බවට සඳහන් පණිවිඩයක් fb හි සඳහන්ව තිබුණෙන් මම පුරුද්දට මෙන් එහි උපන්දින සුභ පැතුම් සටහන් කළෙමි. සඳුදා සවස මගේ fb පිටුවට මා නොදන්නා කෙනෙකුගෙන් පණිවිඩයක් විය. එහි සඳහන්ව තිබුනේ උපාලි තම 62 වන උපන්දිනය දා අළුයම හෘදයාබාදයකින් මියගිය බවත් අවසන් කටයුතු 27 බදාදා සිදුකෙරෙන බවත්ය.
මේ වන විට මා කෙනෙකුගේ අභාවය දැනගැනීමට ලැබීමෙන් දුකට, කණගාටුවට හෝ කම්පනයකට පත්වන වයස් සීමාව පසුකළ අයෙකි. මරණය ඕනෑම කෙනෙකු වෙත ඕනෑම වයසකදී, ඕනෑම මොහොතකදී, ළඟාවිය හැකි යථාර්තයක් බව දණිමි. මෙහිදී විශේෂත්වය වූයේ එය දැන ගන්නට ලැබුණු ආකාරය පමණි.
සතර පෙර නිමිති වල දැක්වෙන පරිදි රෝගී බවට පත්වීම, වයස් ගතව දුර්වල තත්වයට පත්වීම සහ මරණයට පත්වීම අනිවාර්යයෙන්ම අපට මුහුණ දීමට සිදුවන තත්වයන්ය. සිව්වැන්න වන ශ්‍රමණ භාවයට පත්වී සසරින් එගොඩ වීමේ උත්සාහය සඳහා පෙරපින් මහිමය අප බොහෝ දෙනෙකු සතුව නොමැත. එබැවින් රෝගී බව සහ දුර්වල වයස්ගත භාවය මගහැර මරණයට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය ද සතුටට කරුණකි .
අප විවිධ පසුබිම් වලින් මතුවෙමු. පොකුරක් සේ එකතුව යම් දුරක් එකට ගමන් කරමු. එම පොකුර බිඳී එකිනෙකා වෙනත් පොකුරුවලට ගොනු ගැහෙමු. ඒ ඒ පොකුරු උන්ට හිමි මග නියමිත දුර ගමන්කොට නැවතත් බිඳෙමු. යලිත් අළුත් පොකුරු සෑදෙමු. කලාතුරකින් පැරණි පොකුරක එකට උන් එකෙකු හමුවණු ඇත. අවසන සියල්ල හැරදා තනිවම පිටත්වීමට සූදානම්ව සිටිය යුතුය. යථාර්තය එයයි
උපාලි අද දින අපෙන් සදහටම සමුගනු ඇත. සොහොයුර, නුඹ මරණින් මතු කුමක් ප්‍රාර්තනා කළේදැයි මම නොදණිමි. නුඹ පැතුවේ යමක්ද ඒ දේ ලැබීමට මගේ ප්රාර්තනයකින් යම් සහයක් වේ නම්, නුඹ පැතූ දේ එලෙසම ඉටුවේවායි පතමි!

1970 ක්‍රීඩා උත්සවයේ ධජ එසවීම. මෙහි අංක.1 උපාලි අමරවංස ය. අංක. 2 උපාලි එදිරිසිංහ ය. |

උපාලි ඒකනායක එදා සහ fb profile රූපය. මෙහි වාඩි වී මැදින් සිටින්නේ උපාලි දාහිගමුව ය. |
මගේ ළමා කාලයේ මතකසටහන් බිඳක් .....
ආතා සහ ලොකු අම්මා
පෙර ආත්මය ගැන කතාකරන සුවිශේෂී පුද්ගලයන් හැරුන විට සාමාන්‍ය පුද්ගලයකුට සිහියට නගා ගත හැකි අතීත කාලයේ සීමාවක් ඇත. මගේ ජීවන මතකයන් ඔස්සේ ආ පස්සට යන විට මට ළඟා විය හැකි උපරීම සීමාව මගේ වයස අවුරුදු තුනක පමණ කාලයයි. එවකට අප ජීවත් වූයේ මිනුවන්ගොඩය. ඒ මගේ පියා එකල දිවුලපිටිය කණිටු පාසලේ මුල්ගුරු ලෙස සේවය කළ බැවිණි. වසර 1956 හෝ 1957විය යුතුය.
කලින් කලට ස්ථාන මාරුවීම් ලබා, රට වටා විවිධ ප්‍රදේශ වල සේවය කළ ගුරු පවුලක දරුවෙකු ලෙස, මගේ පාසල් සමය අවසන් වන විට මා, විවිධ වාසස්ථාන විසිපහක පමණ පදිංචිව සිටින්නට ඇත. ඒ දිනවල පදිංචිව සිටියේ 'මොනිකා ඇන්ටිලාගේ ගෙදර' යන සංඥා නාමයෙන් අප තිදෙන, එනම් අක්කා අයියා සහ මා හඳුන්වන නිවසේය. ඊට පෙර මිනුවන්ගොඩම සිටි 'පොලීසිය ඉස්සරහා ගෙදර' පිළිබඳව මට ඇත්තේ සුළු මතකයක් පමණි. පාසල් දිවියත් විවාහයත් අතර වූ අගනුවර ගතකළ 'බෝඩිං' ජීවිතයේදී නම්, මා මගේ බොහෝ මිතුරන්ට වඩා වාසනා වන්ත වූයෙමි. ඒ වසර දොළහක පමණ වූ එම කාලය 'බෝඩිං' හතරකට පමණක් සීමාකර ගැනීමට හැකි වූ බැවිණි.
මගේ ජීවිත ගමනේ දී ඉතාම කෙටිකලක් ඇසුරු කළ සමීපතම ඥාතියා ආතා ය. ආතා මගේ මවගේ පියාය. ආතා සහ ලොකු අම්මා වාසය කළේ අප සමගය. ගම් ප්‍රදේශයෙන් බැහැරව වුවද තම එකම දියණිය සමග විසීමට ඔවුන් කැමති වූවා වියහැක.
අප ලොකු අම්මා යනුවෙන් ඇමතුවේ මවගේ මෑණියන්ටය. ආච්චි, ආච්චි අම්මා හෝ අත්තම්මා යන ඇමතුම්වලින් බැහැරව, ඇය 'ලොකු අම්මා' ලෙස හැඳින්වීම ඇගේ පළමු මිණිපිරිය වූ අක්කාගේ සොයා ගැනීමකි. අප තිදෙනාට අමතරව මවගේ මව ලොකු අම්මා ලෙස සඳහන් කරණු මා අසා ඇත්තේ චන්ද්‍රානි ගුණවර්ධනගේ "චූටී මගෙ සුදු චූටී ........ ඔන්න අම්මා යන්න හදන්නේ ......." නම් ගීතයේ පමණි. අද, පරම්පරා දෙකකට පසුව අක්කාගේ මිණිපිරිය ඇය ඇමතීමට සොයාගෙන ඇති නාමය කොතැනින් සොයාගත්තාදැයි නොදනිමි. ඒ අම්මා යන්නෙහි 'ම' යන්න වෙනුවට 'ව' යන්න ආදේශකර සාදා ගත් 'අව්වා' යන අපූරු තර්කානුකූල යෙදුමකි.
පහත කෙළවර දැක්වෙන්නේ එකල මගේ සේයාරුවකි |
ආතා පිළිබඳව මගේ මතකය සීමිතය. මිදුලේ කෝටුවකින් රූපයක් ඇඳ "මට මතකයි මට මතකයි සීය අපේ තුම්..... මිදුල පුරා කෝටුවකින් ගෝනකු ඇඳ දුන්...." ගීතය ඉගැන්වූවා මතකය. එවකට සැත්තෑ වෙනි වියෙහි පමණ වූ ආතාගේ සිරුරේ හම රැලිවැටී තිබුණි. ඔහුගේ ඔඩොක්කුවේ වාඩිවී පිටි අල්ලේ සම අඟිලි තුඩු දෙකින් තදකර ඉහලට ඇදතබා අතහැරිය විට ටික වේලාවක් එය ඉහළට එසවී එලෙසම පවතිනු මට මතකය. ඒ මා ඉතා ආසාවෙන් කළ ක්‍රීඩාවකි. දුවන පනින වයසක සිටි මුණුපුරු, එක තැනක නිහඬව තබා ගන්නට ඕනෑ වූ විට ඔහු මෙම ක්‍රීඩාවට මා යොමුකරන්නට ඇත.
ආතා පිළිබඳව අවසන් මතකය නම් සුදු ඇඳුමින් සැරසී පෙට්ටියක නිදා සිටි ආතා වටා තාත්තාගේ පාසලේ සිසුන් පේළියකට ගිය අයුරුය. මරණය යනු කුමක්දැයි මා නොදැන සිටින්නට ඇත. අම්මා හෝ ලොකු අම්මා හඬාවැලපෙනු දුටු බවක්ද මට මතක නැත. භූමදානය ගැන මතකයක් නැත්තේ සමහරවිට කුඩා දරුවකු වූ මා එදා සොහොන් බිම වෙත කැඳවාගෙන නොයන්නට ඇති බැවිණි. ආතාගේ අභාවය සිදුවී ඇත්තේ 1958 මැයි මාසයේදීය.
රටේ යම් පමණකින් ප්රසිද්ධියකට හෝ ඇගයීමකට හෝ ලක්වූ අප පවුලේ සාමාජිකයා බන්ධු මාමාය. ඒ අම්මාගේ පොඩි අයියාය. නමින් සෝමබන්ධු නම් වූ ඔහු නල දමයන්ති-කරදිය සමයේ සිටම චිත්‍රසේන සහ අමරදේවයන් ගේ සමකාලීන කලාකරුවකි. ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකු ලෙස නමක් දිනා සිටි ඔහු 2008 වසරේදී අපහැර ගියේය.බන්ධු මාමා තම අවසාන කාලයෙහි ඉටුකළ මහා කර්තව්‍යය වූයේ බෙල්ලන්විල පන්සලේ බිතුසිතුවම් කරණයයි.
වරක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු තම පියා ගැන සඳහන් කළේ මෙසේය
"මගේ පියා 'බාස්' කෙනෙක්.
හැබැයි එදා බාස් කෙනෙක් කියන්නේ; අද දවසේ වාස්තුවිද්‍යාඥයෙක්, ප්‍රමාණ-සමීක්ෂකයෙක් සහ ඉංජිනේරුවෙක් යන තිදෙනාගේම කර්යයන් ඉටු කළ, අත්තිවාරම් කැපීමේ සිට වහළ උළු සෙවිලිය දක්වා කම්කරුවන් සමග හරි හරියට ශ්‍රමය කැප කළ, මේසන්වැඩ, වඩුවැඩ මෙන්ම ලී කැටයම් කලාවද මැනවින් දත්, අන් අයගේ උපදෙස් නොලබා ගොඩනැගිල්ලක සැලසුමේ සිට අවසානය දක්වා තනිවම තීරණ ගැනීමේ දැනීමක් තිබුණු කෙනෙක්"
ඒ මා දැන නොසිටි මගේ ආතාය.
අම්මාගේ දෙවෙනි අයියා සුදු මාමාය. ඔහු වෘත්තියෙන් ජ්‍යොතිෂ වේදියෙකි. මගේ හඳහන තල් කොලයක ලියා දී ඇත්තේ ද සුදු මාමාය. මරදාන නොරිස් පාරේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කුඩා කාමරයක තම කාර්යාලය පවත්වාගෙන ගිය ඔහු එවකට රත්න පොත් ප්‍රකාශකයින් විසින් වාර්ශිකව ප්‍රකාශයට පත්කළ 'රත්න ග්‍රහ පලාඵල' නම් ජ්‍යොතිෂ පොතේ කතුවරයාය. අන් අයට වඩා සමේ පැහැපත් බවනිසා ඔහුව සුදු මාමා යනුවෙන් හඳුන්වන්නට ඇත. නැන්දා ද පැහපත්ය. එබැවින් ඇය සුදු නැන්දා විය. මුළු පවුලම සාපේක්ෂකව අන් අයට වඩා පැහැපත් වූයෙන් එම දරුවන් මට සුදු අයියා සහ සුදු නංගී විය.
අම්මාගේ පවුලේ වැඩිමලා ලොකු මාමාය ඔහු ට්‍රොලි බස් රථ රියදුරකු ලෙස සේවය කළේය. අද බොහෝ දෙනෙකු 'ට්‍රොලි බස්' යන නම හෝ අසා ඇතිදැයි සැක සහිතය. 'ට්‍රොලි බස්' යනු ට්රෑම් කර් වලට පසුව කොළඹ නගරයට හඳුනවා දුන් පොදු ප්‍රවාහන සේවයකි. 'ට්රෑම් රථ' වල ජායාරූප ආදිය පැරණි තොරතුරු ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි වල දැක ඇතත් ලංකාවේ 'ට්‍රොලි බස්' ගැන සඳහනක් නොමැති තරම්ය. කොළඹ නගර සභා සලකුණ සහිත තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ කොල පැහැ බස්රථ, 1960 දශකයේ මුල් භාගයේදී කොළඹ නගරයේ ධාවනය විය. 'ට්‍රොලි බස්'ද 'ට්රෑම් රථ' මෙන් විදුලි බලයෙන් ධාවනය වූ නමුත් 'ට්රෑම් රථ' වලට මෙන් යකඩ පීලි අවශ්‍ය නොවීය. සාමාන්‍ය රබර් රෝද යොදා තිබූ අතර ඉහළින් අදින ලද රැහැන් ජාලයක් මගින් ගමන් මග දිගටම විදුලිය සපයා තිබිණි. බසයේ වහලයේ සිට රැහැන් දක්වා වූ බට දෙකක් මගින් බසයට විදුලි සබඳ තාවය සැපයිණි.
ඉහළ: ට්රෑම් කාර් පහළ: ට්‍රොලි බස් |
අහම්බෙන් හමුවුණා ලංකාවේ ට්‍රොලි බසයක පින්තුරයක් (18.11.2015) |
මෙම පින්තුරය හමු වූයේ 20.01.2019 |
සෞඛ්‍ය හේතූන් මත ලොකු මාමාට අඩු වයසින්ම රැකියාවෙන් ඉවත්වන්නට සිදුවිය. දරුවන් හය දෙනෙකුද සමග රැකියාව අහිමි වූ ලොකු මාමාට දුෂ්කර සමයකට මුහුණ දෙන්නට සිදුවූ බව මා අසා ඇත. පසුව විවිධ රැකියාවන්හි නියුතු වූ මාමා තීන්ත නිශ්පාදන ආයතනයක රැකියාවකටද යොමු විය. විදේශීය ආනයන අඩුකර දේශීය නිශ්පාදන දිරිගැන්වූ 1970 දශකයේ දී, තම අත්දැකීම් යොදාගත් මාමා තමාගේම තීන්ත නිශ්පාදන ව්‍යාපාරයක් පටන් ගත් අතර කෙටි කලකින් ම ව්‍යාපාරය දියුණුකර ගත්තේය. ව්‍යාපාරිකයකු ලෙස හොඳ ආර්ථික මට්ටමකට පැමිණි ඔහු තම දරුවන් සියළුදෙන සමාජයේ උසස් තැන්වලට යොමුකිරීමට සමත්විය.
අම්මාගේ නැගනිය මේරි පුංචි අම්මාය. ඇය ආතා සහ ලොකු අම්මා ගේ ම දරුවෙකු නොවූ නමුත් පවුලේම දියණියක වූවාය. දරුවන් වැඩි, ආර්ථික අපහසු තාවයන් සහිත, ඥාති පවුල්වල හෝ මා පියන් වියෝ වූ ඥාති පවුල්වල දරුවන් තම බාරයට ගෙන තම දරුවන් ලෙස රැකබලාගැනීම එකල සමාජයේ සාමාන්‍ය සිරිතකි. අම්මා සමග එක් කුස උපන් සොයුරියක මෙන් හැදී වැඩී ආතා සහ ලොකු අම්මා ගේ ආශීර්වාදය යටතේ විවාහ වූ ඇය නීලම්මහර පදිංචිව සිටියාය.
තම සැමියාගේ අභාවයෙන් පසුව ද වසර 25 පමණ ජීවත්වීමේ වාසනාව හෝ අවාසනාව ලැබූ ලොකුඅම්මා, ළමා කල මගේ දිවියට බෙහෙවින්ම බලපෑ චරිතයකි. පසොළොස්වක සහ අටවක යන දෙපෝයටම සිල්ගත් ඇය සැදැහැති උපාසිකාවක් වූවාය. අද මෙන් පැය විසිහතර පුරා විවිධ ස්වරයෙන් දහම දෙසන රූපවාහිනී සහ FM නාලිකා දුසිමක් හමාරක් එදා නොවීය. ගුවන්විදුලි ස්වදේශීය සේවයේ ඉරු දින සහ බදාදා දිනවල ධර්මදේශනා විය. තවත් දිනෙක වූ 'දම් සභා මණ්ඩපය' දහම් ගැටළු විසඳා දෙන සාකච්ඡාවකි. දිනපතා උදෑසන පන්සිල් සෙත් පිරිත් සහ දම්මචින්තා විය. අප නිවසේ මෙම වැඩසටහන් මග හැරුණේ කලාතුරකිනි. උස් අසුනක සිට ධර්ම දේශනාවන්ට සවන් නොදුන් ලොකුඅම්මා සෑම විටම පැදුරක් හෝ කුඩා බංකුවක් ඒ සඳහා යොදාගත්තාය. අපිදු පැදුරේ වාඩිවී ගුවන්විදුලි ධර්මදේශනා වන්ට සවන්දීමට හුරු වූයෙමු.
අම්මා ගුරු ඇබසි විදුහලේ නේවාසික පුහුණුව ලැබූ වසර දෙක, (1962-1963) අක්කා අයියා සහ මා තණිවම රැකබලා ගත්තේ ලොකුඅම්මාය. එවකට තාත්තා ඈත හිරියාල ප්‍රදේශයේ පාසලක සේවය කළේය. අක්කා සහ අයියා තම කටයුතු තනිවම කරගත හැකි වයසක සිටියද, අවුරුදු අටක් නවයක් පමණ වූ, කියන දේ නොඅසන දඟකාරයකු වූ මා නිසා ඇය සෑහෙන පීඩනයකට ලක්වන්නට ඇත.
මේ කාලයේදී නිතරම වූ තවත් සිදුවීමක් මා සිතට නැගේ. එකල අද මෙන් රාත්‍රී නිදන්න පෙර දත් මැදීම අනිවාර්ය දෙයක් නොවීය. දත් මැදීම කළේ දිනකට එක්වරක් උදයට පමණි. නමුත් නිදන්න පෙර දෙපා සේදීම කළයුතුම කටයුත්තකි. දුව පැන සෙල්ලම් කර මහන්සිවන මම රාත්‍රී ආහාරයෙන් පසුව මෙම චාරිත්‍රය ඉටු නොකොට ම ඇඳට යමි. තම වැඩකටයුතු අවසන්කර නිදන්න සූදානම් වන අක්කා හෝ අයියා දෙපා සෝදා ගන්නා ලෙස මා අවදි කරන්න උත්සාහ ගත්තද මා තද නින්දේ පසුවන බව බොරුවට හඟවමි. එවිට ඇඳ ළඟටම වතුර බේසමක් ගෙනැවිත් නින්දේදී ම මා දෙපා සෝදා පිසදා යලි නිදිකරවන්නට තරම් අක්කාත් අයියාත් තම මලනුවන් කෙරෙහි දයාබරිත වූ බව අද සිහිකරද්දී දෙනෙත තෙත්වණු වලක්වාගත නොහැක. මන්ද, එකළ ඔවුන් දෙදෙනාද ළමා වයසේ පසුවූ අතර නිරතුරුව මා වෙතින් වූ හිරිහැර ඉවසා දරාගත් බවද සිහිවන බැවිණි.
එවන් සොයුරියක ලද්දේ නිවුණේ වෙයි !
එවන් සොහොයුරකු ලද්දේ නිවුණේ වෙයි !
අයියා සහ අක්කා ගැන ලිවීමට බොහෝ දේ ඇත. ඉඩ ලද විටෙක ඉදිරියේදී ලියමි.
එකල අප සිටියේ පන්නිපිටියේය. ඒ මා උපන් ගමයි. අම්මා උපන් ගමයි. ලොකුඅම්මාගේද උපන් ගමයි. අවට නිවෙස්වල කිට්ටු ඥාතීන් සිටි බැවින් අපට අනාරක්ෂිත බවක් නොදැනුණි. බොරලැස්ගමුව ගුරු ඇබසි විදුහලේ නේවාසිකව සිටි අම්මා නිවසට පමිණියේ සති අන්තයේදී පමණි.
අගනුවර ආසන්නයේ වුවද පන්නිපිටියේ වූයේ ගැමි පරිසරයකි. වර්තමානයේ වේගයෙන් නාගරීකරණය වන මහරගම, කොට්ටාව සහ දෙපානම අතර පිහිටි පන්නිපිටියේ, අද වසර පනහකට පසුත් ලොකු වෙනසක් පෙනෙන්නට නැත. පැහැදිලි වෙනසකට ඇත්තේ හයිලෙවල් පාරේ සිට පරණ පාරට සහ දුම්රිය පොළට උඩින් ඉදිකර ඇති ගුවන් පාළමයි. එදා පුංචි කෝච්චි ධාවනය වූ දුම්රිය පාර ලොකු කෝච්චි සඳහා පුළුල් කොට ඇත.
අක්කා සහ අයියා ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලද අතර වසර දෙකක කෙටි කාලයකට පමණක් ගමට පැමිණි මා ගියේ කොට්ටාව ආනන්ද විදුහලටය. එකල ආනන්ද විදුහලේ විදුහල්පති තුමා ඩී.එස්. රණසිංහ මහතාය. හිටපු අගමැති විජයානන්ද දහනායක මහතාට සමාන හැඩ රුව ඇති එතුමා, පැහැපත් උස සිරුරකින් යුක්ත විය. සුදු ජාතික ඇඳුමේ අත යට වේවැල සඟවාගෙන පාසල පුරා සැරි සරයි. ආනන්දයේ අපූරු විනය නීතියක් විය. එනම් විවේක කාලයේදී සෙමෙන් ඇවිදිනු විනා දිවීමට තහනම් බවයි. දිවීමට අවසර තිබුණේ ක්‍රීඩාපිටියේ දී පමණි. වරක් මෙම විනය නීතිය කඩ කිරීමේ වරදට හසුව මා එතුමාගේ වේවැල් පහරකට ලක්වූවා මතකය.
3,4 පන්ති වල ඉගෙනුම ලැබූ සම වයස් මිතුරන් කිහිප දෙනෙකු සමග පන්නිපිටියේ සිට කොට්ටාවට පාසල් ගිය කාලය අදත් ආදරයෙන් සිහිකළ හැකි සමයකි. බාගේ ටිකට් එකක් සඳහා බස් ගාස්තුව ශත තුනකි. උදයේ බසයෙන් පාසල් යන අප, පාසල අවසන ආපසු එන්නේ කතා බස් එකෙනි. ආපසු බස් ගාස්තුව හූණු බිත්තර, නාරං බික්, වෙරළු හෝ ඇම්බරැල්ලා අච්චාරු වැනි කඩචෝරු සඳහා වියදම් කළෙමු. සැතපුමක් හෝ දෙකක් වූ මග දෙපස නිවෙස් කීපයකම පින්තාලි වූවා මතකය. එවන් තැනක නතරවූ විට මුට්ටියේ වූ වතුර අවසන් වන තුරු මාරුවෙන් මාරුවට පානය කළෙමු. ඒ අතර තුර වැඩිහිටියෙක් අපට ජම්බු හෝ උගුරැස්ස වැනි පළතුරු අහුරක් පිරිනමයි. අතර මග ලොවි, අඹ, ජැම්සන් වැනි පළතුරු වූ නිවෙස් අපි හොඳින් දැන සිටියෙමු. හොරෙන් කඩාගෙන කෑමට අප යොමු නොවුණේ ඉල්ලූ විට ඒවා ලැබෙන බව හොඳින්ම දත් බැවිණි.
"රබර් වත්තේ අහිකුණ්ඨික කට්ටිය ඉන්නවා අද කෝච්චි පාරේ යමු ද?"
ඒ එකෙකුගේ යෝජනාවකි. දිනකට දුම්රිය කීපයක් පමණක් ධාවනය වූ කැළණි වැලි දුම්රිය මග දෙපස පාළුය. සිල්පර කොට මත අඩි තබමින් ඒවා ගණන් කරමින් ගමන් කිරීම සතුටකි. හදිසියේ දුම්රියක් පැමිණෙන්නේ නම් රේල් පීල්ල මත ඇණයක් තබා, ඒ මතින් දුම්රිය ගියපසු පිහි තලයක් සේ තැලුන ඇණය සෙවීම තවත් ක්‍රීඩාවකි. දුම්රිය බොහෝ දුර යන තුරුත් ඇසෙන ශබ්ධය අපි පීල්ලට කණ තබා අසාගෙන සිටියෙමු. අප අතර සිටි, එකෙකු සතයේ කාසියක් පීල්ල මත තබා තැලෙන ආකාරය බැලීමට පවා ඉදිරිපත් වූ අවස්ථාද විය. එකල සතය ලොකු මුදලකි. වරක් ලොකු ගලක් පීල්ල මත තබා සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කීරීමට සූදානම් වූ නමුත්, "කෝච්චිය පීලි පන්නන්නට හදනවාදැ?"යි අපට තරවටුකර එය ඉවතට විසිකළ වැඩි හිටියකු නිසා එම අත් හදා බැලීම කිරීමට අපි පැකිළුණෙමු.
අහිකුණ්ඨික ප්‍රජාව කෙරෙහි යම් බියක් වූ බැවින් අපි දුරින් සිට ඔවුන්ගේ කුඩා තල්අතු කූඩාරම් දෙස බලා සිටියෙමු. කූඩාරම් අවට ගැටගසා සිටි බූරුවන් නිතර දක්නට නොලැබෙන සතුන් කොටසකි. තැනෙක කෝටුවකින් තලමින් රිලවෙකු පුහුණු කරවන අයෙකුද දැකිය හැක. නිදැල්ලේ හැසිරෙන නයෙක් කොයි මොහොතේ හෝ තණකොල අතරින් මතුවේ යැයි අපි විමසිලිමත් වීමු. මෙවන් දිනෙක වේලාව පිළිබඳ මතකය ගිලිහෙන බැවින් පන්නිපිටියට එනවිට බොහෝ සවස් වේ. මෙලෙස පමාවණ දිනක කෝටුවක් අතින් ගත් වැඩිහිටියෙක් අප පිළිගැනීමට හන්දියට පැමිණ සිටී.
පොහෝ දිනවල ලොකු අම්මා සමග සුදු පිරුවට හැඳ සිල්රෙදි පොරොවාගෙන අළුයම අඳුරේම මොරකැටියේ පරම ධම්ම විහාරය වෙත ගොස් අටසිල් සමාදන් වීමු. අප කණ්ඩායමේ යහළුවන් ද තම වැඩිහිටියන් සමග සිල්ගැනීමට පැමිණි බැවින්, ඒ සඳහා මා සහභාගි වූයේ ඉතා කැමැත්තෙණි. දෙනෙත් පියා භාවනාවේ යෙදෙන මොහොතක වැඩිහිටියෙකු අපහසුවන් පිටකරන කිවිසුමක් හෝ අධෝවාතයක් අපගේ තැන්පත්බව හෝ හික්මීම බිඳ දමයි. අප සිනහව නවතා ගන්නට උත්සාහ කළත් උත්සාහය පරදා සිනහව පිටවේ. භාවනා වැඩ සටහන අවසානයේ "පොත් මහත්තයා" නමින් අප හැඳින්වූ ප්‍රධාන උපාසක මහතා අප කැඳවා අවවාද කරයි. බණ කතාවක්ද කියා දෙයි. සවස හයට සිල් පවාරණය කර, මා අක්කලා සමග නිවසට පැමිණි අතර ලොකු අම්මා රාත්‍රිය පන්සලේ ගතකර නිවසට එන්නේ පසුදා උදයේය.
ඇරැව්වල, නීලම්මහර වැනි අසල ගම්වල සිටි ඥාතීන් මුණගැසීමට යන බොහෝ ගමන් වලදී ඇගේ ආරකෂාවටයි කියා ලොකුඅම්මා මා කැඳවාගෙන ගියාය. සැබෑ හේතුව නම් මා නිවසේ නවතා ගියහොත් අයියාටත් අක්කාටත් මගෙන් සිදුවන හිරිහැර අවම කරගැනීමය.
සැතපුම් හතරක් පහක් ගුරුපාර ඔස්සේ හා කුඹුරුයාය හරහා නියර මතින් පයින් යාම එකල වෙහෙස ගෙනදෙන කටයුත්තක් යැයි අපි නොසැළකුවෙමු. පොදු ප්‍රවාහන සේවා තිබුණේ ප්‍රධාන මාර්ගවල පමණි.
දුර ගමනක් යද්දී ඔසරියකින් සැරසෙන ලොකුඅම්මා මෙවැනි ගමනකට අඳින්නේ වැලමිට ළඟට අත් ඇති රේන්ද ඇල්ලූ සුදු හැට්ටය සමග චීත්තයකි. පළමුව සාමාන්‍ය චීත්තයකින් සැරසෙන ඈ එයට උඩින් වටිනා චීත්තයක් අඳී. 'ටූටාල්' නමින් හැඳින්වූ එවකට ජනප්‍රියව පැවති ලස්සන චීත්ත කිහිපයක් ඈ සතුවූවාය. සුදු සහ කළු කුඩා අශ්වකරත්ත සිතුවම් සහිත කොල පැහැති 'ටූටාල්' චීත්තයක් ඈ ඉතා ආසාවෙන් ඇන්දා මට මතකය. මෙ වර සිංහල අවුරුද්දට අක්කා බැහැ දකින්නට ගිය අවස්ථාවේ මම මෙම 'ටූටාල්' චිත්තය ගැන මතක් කළෙමි. "ආ ... මාමා.... ඒක තවමත් මා ළඟ තියෙනවා" යයි කී, අක්කාගේ දියණිය ආරක්ෂිතව තබාගෙන සිටි එම චීත්තය ගෙනැවිත් මට පෙන්වූවාය. සිසවස් බාගයකටත් එහා මා විඳි ලොකුඅම්මාගේ සුවඳ ක්ෂණිකව මට දැණිනි. පැහැයේ අඩුවීමකින් හෝ වැරිහැල් වීමකින් තොරව එය අදත් හොඳ තත්වයෙන් ඇත.
ඉහළ : ලොකු අම්මා තම දියණිය සහ දෙමිණිපිරියන් සමග (1982දී පමණ ගත් ඡායාරූපයකි.) පහළ ඡායාරූපයේ තම මී මී මිත්තණිය වසර 65කට පෙර ඇඳි ටූටාල් චීත්තයෙන් සැරසී සිටන්නේ අක්කාගේ මිණිපිරියයි. |
වරක් මහ අව්වේ නියර මතින් යද්දී ලොකුඅම්මා තම කුඩය හකුලාගෙන හිරු රැසින් දැවෙමින් ගමන්කළාය. කුඩය දිග හරින්නයයි මා ඇගෙන් ඉල්ලා සිටියෙමි.
"අර ලියදි වල මිනිස්සු අව්වේ වැඩකරද්දී අප කුඩ ඉහළාගෙන සෙවනේ යන්න හොඳ නැහැ". මානව දයාව පිළිබඳව ජීවිතයේ එක් වටිනා පාඩමක් එදා ඈ මට කියා දුන්ණාය.
ලොකුඅම්මා ගෙන් කතන්දර ඇසීමට මහත් සේ ප්‍රිය කළෙමි. බණ කතා රජ කතා, ගැමිකතා බොහෝමයක් ඇය දැනසිටියාය. වරක් මා කතන්දරයක් කියන්නයයි කරදර කළ විට ඇය මෙම කතාව කීවාය.
නරි දෙන්නාගේ කතාව
එක කැලයක නරි දෙන්නෙක් හිටියා. මේ නරි දෙන්නා දවසක් කම්මැලිකමින් ඉන්නා විට එක නරියෙක් අහනවා;
"යාළුවේ යාළුවේ අපි දෙන්නා රණ්ඩු වෙමුද?" කියලා.
එතකොට දෙවෙනි නරියා අහනවා
"මොකටද අපි රණ්ඩු වෙන්නේ? ඇරත්, අපිට රණ්ඩු වෙන්න හේතුවක් නැහැනේ."
පළමු නරියා කියනවා
"අයියෝ.... හේතුවක් හදාගන්න එක සුළු දෙයක්නේ.
මම කියන්නම් 'මේ ගල්කැටය මගේ' කියලා.
ඔයා කියන්න 'නැහැ... නැහැ....ඒක ඔයාගෙ නෙවේ මගේ' කියල. දෙතුන් වරක් එහෙම කියාගෙන අපි දෙන්නා ගල්කැටයට රණ්ඩු වෙමු."
ඉතින් පළවෙනි නරියා ගල්කැටය පෙන්වලා කීවා ;
"මේ ගල්කැටය මගේ" කියලා.
දෙවන නරියා ටිකක්වෙලා කල්පනා කරනවා... කල්පනා කරලා කියනවා;
"නුඹේ නම් නුඹ තියාගනින්... මට ඕනැ නැහැ" කියලා.
ලොකුඅම්මා කතන්දරය අවසන් කළාය.
"ඉතින් ඊට පස්සේ මොකද උණේ?" මම ඇසුවෙමි.
"එච්චරයි, අර නරියට රණ්ඩුවෙන්න බැරිවුණා"
"ඒ මොන කතාවක්දැ"යි මට සිතුණි. මගේ කරදරයෙන් බේරෙන්න ඈ බොරුවක් ගොතා කීවා වියයුතුය.
එම කතාවේ වටිනාකම, ආදර්ශය මට වැටහුණේ බොහෝ කලකට පසුවය. අප බොහෝ විට ගැටුම් ඇතිකර ගන්නේ කිසිම වටිනාකමක් නොමැති දේ අයිතිකර ගැනීම සඳහාය. මත ගැටුමකදී වුව ද, තම මතය දිනවීම සඳහා අප මොන තරම් වෙහෙසෙමු ද? සිතේ නිදහස සැහැල්ලු බව නැතිකර ගනිමු ද? වැඩිහිටි වියේදී, රාජකාරී කටයුතු වලදී පවා ගැටුම් වලින් දුරස්වන්නට, මෙම කතාව මට බොහෝ සේ ප්‍රයෝජනවත් වීය.
මෙම කතාවේ මුල් කතාව පංච තන්ත්රයෙන් හෝ ඊසොප්ගේ උපමා කතා වක් විය හැකි යයි සිතා මෑතකදී මා එය සොයන්නට උත්සාහ කළ නමුත් සාර්ථක නොවුණි.
සුදු අයියා මට වඩා වසරකින් වැඩිමහල්ය. වසරක් පාසා සිංහල අවුරුද්දට හෝ වෙනත් අවස්ථාවක අප ඥාතීන් මුණ ගැසුණු අවස්ථා වලදී, අප දෙදෙනා ලජ්ජාවට පත් කරමින් නැන්දලා මාමලා නිරතුරුවම මතක් කරමින් සිනහ වූ එක් සිද්ධියක් ඇත. ඒ පිළිබඳව කිසිම මතකයක් නොමැති නමුත්, අප දෙදනා තරුණ වියට පත්වන තුරුත් නිතිපතා ඇසීමෙන් එය සැබෑවටම සිදු වූ සිදුවීමක් ලෙස දැණේ. අවුරුදු 3-4 පමණ වයසේදි, සිංහල අවුරුද්දට ආතා සහ ලොකු අම්මා බැහැ දකින්නට මාමලා පැමිණි දිනක, අප දෙදෙනා පොල්කටු කැබැල්ලක් ඉල්ලා රණ්ඩුවීම පිළිබඳව වූ සිදුවීමකි. හොඳ පොල්කටු දෙකක් දෙදෙනාට දී ගැටුම නිරාකරණය කරන්නට සූදානම් වූ නමුත්, දෙදෙනම ඒවා ප්‍රතික්ෂේප කරමින් එම පොල්කටු කබැල්ලම අවශ්‍ය බවට හඬා වැලපුණාලු. පසු කලකදී නරි දෙන්නාගේ කතාව සමග එම සිදුවීමේ ගැලපීම හොඳින්ම වැටහුණි.
පොල්කටු කැබැල්ල පිළිබඳ රණ්ඩුව සිදුවී ඇත්තේ මා මුලින් සඳහන් කළ 'පොලීසිය ඉස්සරහා ගෙදර' දීය. එහිදී සිදුවූ එක්සිදුවීමක් පමණක් මගේ මතකයේ පැහැදිලව රැඳී ඇත. එකල පොලීසිය නිරතුරුව මිනිසුන් ගැවසෙන ස්ථානයක් නොවීය. අයියාත් මාත් විවේක අවස්ථා වලදී පාර පැන ඉදිරිපස පොලීසියට යාමට පුරුදුව සිටියෙමු. එක් හේතුවක් වන්නට ඇත්තේ පොලීසියේ 'රාළහාමි අන්කල්ලා' වෙතින් අප ලද ආදර සංග්‍රහ විය හැක. එහි යන සැම විටෙකම ඔවුන්ගේ සුරතලයට ලකවූ අතර සීනිබෝලයක්, ලොසින්ජරයක් හෝ විස්කෝතුවක් වැනි යමක් වැරදුණේ නැත. බණ්ඩා රාළහාමි නම් පොලිස් නිළධරයා අපගේ විශේෂ හිතවතෙකු විය. සමහර විටෙක තුවක්කුවක කෑලි ගලවා අපට පෙන්වයි. තවත් විටෙක යකඩ කූරු සහිත පොලිස් රිමාන්ඩ් කූඩුව තුල සිටින සැකකරුවකු පෙන්වා වැරදි කරන අයට එලෙස දඬුවම් ලැබෙන බවට අනතුරු අඟවයි. වරෙක දුරකතනය අප කණට තබා කතා කරනශබ්දය අසන්නට සලස්වයි.
මට හරියටම හේතුව මතක නැතත් දිනක් අප දෙදෙන රිමාන්ඩ් කූඩුව තුලට දමා යකඩ කූරු දොර වැසුවා මතකය. මට වඩා සමාජ ය ගැන අවබෝධයක් තිබූ අයියා නම් එදා ඒ පිළිබඳව කලබල වන්නට ඇත. නමුත් මා නම් කූඩුව ඇතුලේ සිට පිටත සිට අප දෙස බලා සිනහසෙන 'රාළහාමි අන්කල්ලා' දෙස බලා ඒ අත්දැකීමත් විඳගත්තා පමණි. ඒ මා පොලිස් කූඩුවකට වැටුණු පළමු අවස්ථාවයි. දෙවන අවස්ථාව තවමත් උදාවී නොමැත. ඒ අවස්ථාව උදා නොවේවා යන්න මගේ එකම පැතුමයි.
අවුරුදු 86 ක් ආයු වැළඳූ ලොකු අම්මා මියගියේ 1983 අලුත් අවුරුදු උදාවත් සමගය. අක්කා සහ අයියා විවාහ වී වෙනම පදංචිව සිටියෝය. අම්මා විශ්‍රාම වයසටත් පෙර සේවයෙන් ඉවත් වී තම මව රැක බලාගනිමින් සිටියාය. ආතා ගේ අවසන් කටයුතුවල ඡායාවක් පමණක් මතකයේ තිබූ මට ලොකු අම්මා ගේ අවසන් කටයුතුවලදී තාත්තා සමග එක්ව මූලිකත්වය ගැනීමට සිදුවිය.
(අද 2015 වන විට මේ මාමලා නැන්දලා අතරින් අප අතර සිටින්නේ දිවි මගේ නව වන දශකයට ආසන්නව සිටින සුදු නැන්දා සහ මේරි පුංචි අම්මා පමණි.)
පෑනේ මිතුරිය 2
හපන්කම්, මෝඩකම්, තක්කඩිකම් සහ පුරසාරම්
2012 වසරේදී ජත්‍යන්තර සම්මේලනයකින් මා ලද සම්මානයක් පිළි ගැනීම සඳහා මට බර්ලින් නගරයට යාමට අවසථාවක් උදාවිය. ඒ දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්රතිඵලයකි. කෙටියෙන් සඳහන් කළොත් මෙසේය.
කලින් සඳහන් කළ මහාචාර්යවරයා මා කරෙහි ඇතිකරගත් යම් පැහැදීමක් මත 2004 වසරේදී ස්වීඩනයේ සංචාරයක් සඳහා මට ආරාධනා කළේය. බරපැන දරන ලද්දේ එතුමාය . එහිදී ස්ටොක්හෝම් නුවර පැවති ජාත්‍යන්තර ජීව-වෛද්‍ය රසායනාගාර විද්‍යා සම්මේළනයේ ජගත් සමුළුවට සහභාගී වීමේ වාසනාව මට උදාවිය. එහිදී මා බොහෝ දේ පිළිබඳව දැනුවත්වීමි. එයින් ලද උත්තේජනය මත අපගේ දේශීය වෘත්තිකයන්ගේ සංගමය සඳහා ජගත් සම්මේළනයේ සාමාජිකත්වය ලබා ගැනීමට ද කටයුතු කළෙමි.
2008 වසරේ ජගත් සමුළුව පැවැත්වූයේ නවදිල්ලි නුවරදීය. එහිදී දකුණු ආසියානු කලාපයේ අභියෝග පිළිබඳව කෙරුණු සාකච්ඡා සභා වාරයක ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මට ආරාධනාවක් ලැබුණි.
ජගත් සමුළු හරහා උගත් දෙයින් අප රට ට යමක් හඳුන්වා දීමට අදහස්කළ මා ලාංකීය වෛද්‍ය පරීක්ෂණාගාර තාක්ෂණ විද්‍යාඥයින් සඳහා වූ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය වැඩ පිළිවෙලක් ව්‍යාපෘතියක් ලෙස සකස් කළෙමි.
ඒ පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමින් ධනාත්මක ප්‍රතිචාරයක් නොලදිමි. ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණාගාර තාක්ෂණ විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය හරහා එම වැඩසටහන කරගෙන යාමට උත්සාහ කළෙමි. මෙම ව්‍යාපෘතිය ඇගයුමට ලක්කළ ජගත් සංවිධානය 2010 වසරේ නයිරෝබි නුවර පැවති ජගත් සමුළුවේදී මා වෙත ප්‍රධානයක් ලබාදුනි.
මා පුදුමයට පත්කරමින් 2012 වසර බර්ලින් නුවර පැවති සමුළුවේදී වෘත්තිය කැපවීම සහ විශිෂ්ට සේවය වනුවෙන් පිදෙන 'සම්මේළනයේ නිර්මාතෘ එලිසබත් ෆ්ලෙචර්' සම්මානය සඳහා මා තෝරාගෙන තිබුණි. එම සම්මානය ආසියානුවකු වෙත පිරිනැමුණු පළමු අවස්ථාව ද එයයි. (ආපසු පැමිණෙනවිට කටුනායකදී මල්මාලා දමා පිළිගැනීම් හෝ ජන මාධ්‍ය තුලින් ප්රචාරයවීම් නම් වූයේ නැත.)
(ඉහත දැක්වෙන තොරතුරු 'පුරසාරම්' යටතට යොදාගන්න.) යලිත් අපි ප්‍රධාන කතාවට යොමුවෙමු.
සියල්ල අවසන් කොට විශ්‍රාමිකව සිටි මට මෙය අනපේක්ෂිත බෝනස් ඒකක් විය. සමහරවිට මේ විදෙස් ගමනක් සඳහා මා වෙත ලැබෙන අවසාන අවස්ථාවද විය හැක.
"තාත්තාට මේ වතාවේ අම්මාවත් එක්ක යන්න හැකිනේ "
යෝජනාව ආවේ පුතාගෙනි. එය මොහොතකට හෝ මට නොසිතුන අදහසකි. අමතර ලියා පදංචිය සහ ගුවන් ටිකට්පත් සඳහා වියදමක් දරන්නට සිදුවුවද, එය කාලෝචිත යෝජනාවකි. සමුළුව යෙදී තිබුනේ අගෝස්තු මසය. ගුරුවරියක වූ සන්ධ්‍යාගේ රාජකාරි අතපසුවීම් පිළිබඳව ගැටළුවක්ද පැන නොනගී. අප එම තීරණය ගතිමු. ඒ සඳහා සූදානම් වීමු.
මේ වන විට පෑනේ මිතුරිය උල්රිකී සමග වැඩි සබඳතා නොවීය. ෆේස්බුක් ලයික් කිරීම්, උපන් දිනයට, නව වසරට, සුභ පැතීම වැනි කරුණුවලට පමණක් සීමා වී තිබිණ. ඇය වාසය කළේ දකුණු දිග මියුනිච් නගරයට ආසන්නව වූ අතර බර්ලින් නගරයේ සිට කි.මී.600 ක පමණ දුරකි. අවම මුදලක් අතැතිව නොදන්නා රටක නොදන්නා ගමනා ගමන රටාවන් ඔස්සේ පාරවල් සොයාගෙන යාමේ අවධානම ගැනීමට මම මොහොතකටවත් නොසිතුවෙමි.
කෙසේ වෙතත් යුතුකමක් ලෙස ෆේස්බුක් පණිවිඩයක් හරහා ඇය වෙත මේ බව දැනුම් දුන්නෙමි. ඒ දුටු වහාම ඇය ස්කයිප් හරහා සම්බන්ධ වූවාය සමුළුව අවසානයේ සති දෙකක් පමණ ඔවුන් සමග ගතකරන්නට පැමිණෙන ලෙස ඈ ආරාධනා කළාය.
බර්ලින් නගරයට ගොස් අදාල සමුළුවට සහභාගි වී හැකි ඉක්මනින් ආපසු පැමිණීමට බලාපොරොත්තුව සිටි මට මේ තත්වය සිතට බරක් විය. හරියකට බඩට නොකා දුක්විඳ, රුපියල් වලින් ඉතිරි කරගත් තුට්ටු දෙක, විනෝද චාරිකා සඳහා යුරෝ වලින් වියදම් කිරීම අපරාධයකි. කොතරම් වියදම් වේදැයි පැහැදිලි ඇස්තමේන්තුවක් ද නැත.
අවසානයේදී අමතර මුදළක්ද ගෙවා දින පහකට පසුව මියුනිච් සිට ආපසු පැමිණීමට ගුවන් ටිකට්පත් වෙනස්කර ගතිමු. සමුළුවට දින දෙකකට පෙර 2012 අගෝස්තු 16 දින, බර්ලින් නගරයට ළඟාවූ අප එම දෙදින ජර්මන් අගනුවර සිරි නැරඹුවෙමු. බර්ලින් තාප්පයේ ඉතිරි කොටස් සහ 'බර්ලින් ඔන්සම්බල්' රඟහල දැක ගැනීම මාගේ අරමුණු අතර විය. බර්ටෝල බ්‍රෙෂ්ට් පිළිබඳව සහ හෙන්රි ජයසේනයන්ගේ චාරිකා සටහන්වල සඳහන් එම තොරතුරු දෙනෙතින් දැකගැනීමට මහත් කැමැත්තකින් සිටියෙමි. බටහිර සංගීතය හදාරා ඇති සන්ධ්‍යා බීතෝවන්, බාක් වැනි අයගේ සබඳතා ඇති ස්ථාන හෝ සිහිවටන පුවරු දකිද්දී උද්දාමයට පත් වූවාය. බර්ලින් නගරයට නුදුරු නාසි වද කඳවුරක කෞතුකාගාරයක් නැරඹිමට යාමට අදහස් කළ නමුත් එය ඉටු කරගැනීමට නොහැකි විය.
ඊළඟ දින කිහිපය සමුළුව සඳහා ගතවිණි. මූලික කතාවට අදාල නොවන බැවින් එම තොරතුරු සඳහන් නොකරමි. ඒ අතර තුර මියුනිච් දක්වා දුම්රිය බලපත්‍ර වෙන්කර ගතිමි. උල්රිකී වෙත ද එම විස්තර දැනුම් දුනිමි.
අගෝස්තු 23 දින උදෑසනම හෝටලයෙන් පිටත් ව මියුනිච් බලා පිටත්වන දුම්රියට ගොඩවීමු. එම ගමනද තවත් සුන්දර අත්දැකීමක් ම විය. නගරයෙන් බැහැරව, තෙරක් නොපෙනෙන කෙත්වතු, කුඩා නගර හා ගැමි පරිසරයන් හරහා අධික වේගයෙන් ඇදීගිය දුම්රිය නියමිත වේලාවටම මියුනිච් දුම්රිය පළට ලඟා විය. මා ඒ අසිරිමත් මොහොතට කෙසේ මුහුණදිය යුතුදැයි සිතෙන් සූදානම්වෙමින් සිටියෙමි. මේ ගමන සන්ධ්‍යා සමග පැමිණීම පිළිබඳව පසුතැවීමක් ඇති නො වුනාමත් නොවේ.
දුම්රිය වේදිකාවෙන් පිටවන තැන සුපුරුදු සිනහවෙන් යුතුව දෑත වනමින් ඇය සිටියාය. මට වඩා උසින් මදක් වැඩි ඇය දැකීමෙන්, ක්ෂණිකවම හීනමානයක් වැනි හැඟීමක් මා සිතට ඇතුලුවිය.
(ආතර් සී ක්ලාක් මහතා හා සමකාලීන විද්‍යා ප්‍රභන්ධ රචකයකු වූ අයිසෙක් අයිසමොව් ගේ කතාවක කියැවූ මෙවැනි සිදුවීමක් මතකය. අනාගත කාලයේදී වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණෙන ආගන්තුක පිරිසක් පිළිගැනීමට නියමිත ව සිටි, පෘතුවියේ තරුණ අභ්‍යවකාශ විද්‍යාඥයකු, ඔහු සමග පරිගණක තිරය හරහා සන්නිවේදනය කළ අදාල අභ්‍යවකාශ යානාවේ තරුණියක පිළිබඳව සිතක් පහළකර ගනී. සිත්ගන්නා අයුරින් ගොඩනගා තිබූ එම කතාව අවසන්කර තිබුනේ අභ්‍යවකාශ යානා තොටුපළේ දී ඔවුන්ගේ පළමු හමුව ගැන මෙවැනි සඳහනකිනි "ඇයගේ දණහිස ළඟටවත් උස නැති මා කෙළෙසක නම් මගේ ප්‍රේමය ඇයට ප්‍රකාශ කරන්නද ......? " )
නේවාසිකාගාරයේ සිට පාසල් නිවාඩුවට නිවසට පැමිණෙන තම පුතු වැළඳගන්නා මවක ලෙස මදක් ඉදිරියට නැමී ඈ මා වැළඳ ගත්තාය. මාගේ නෙත නිතැතින්ම යොමුවූයේ සන්ධ්‍යා වෙතය. ඇගේ මුහුණේ එදා තිබූ නොරුස්සනා බැල්ම නොවීය. වේදිකා නාට්‍යයක ප්‍රහසන දසුනක් නරඹන ප්රේක්ෂකයකු සේ, සිනහසෙමින් ඈ එම ඓතිහාසික සිදුවීම රස විඳිමින් සිටියාය. අනතුරුව සන්ධ්‍යා , ඇගේ සැමියා සහ දියණියද එකිනෙකාට හඳුන්වාදීමෙන් පසුව මියුනිච් සිට කි.මී.50 ක් පමණ දකුණු දිගින් වූ ග්රොස්වෙල් නම් ඔවුන් විසූ කුඩා නගරය බලා පිටත් වීමු.
ඊ ළඟ දින කීපයේ සිදවීම් ද ඉතා රසවත් නමුත් ඒ දිගු විස්තරය ඔබ වෙත ගෙන ඒමෙන් මෙහි කතා රසය අඩුවෙතැයි සිතමි.
ඔවුන්ගේ නිවසේදී ඉතා උණුසුම් ලෙස අපට සංග්‍රහ කලහ. ඇගේ සැමියා 'තරෙක් ' ඉතා සුහදශීලී විනෝදකාමියකු විය. වත්මන් තරුණ පරපුරට අයත් ඇගේ දියණිය අප හා එකතු වූයේ කිහිප වතාවක් පමණි. එම දින හතර සඳහා උල්රිකී විවිධ ගමන් බිමන් සැළසුම් කරගෙන තිබුණි. ඇගේ දෙමාපියන් සහ සොයුරියගේ නිවෙස් වලට යාම. ඇය ළමා කාළය ගතකළ නිවස, අශ්ව ගම්මානය සහ එකල ඈ ම වෙත ලිපි තැපැල් කළ ලියුම් පෙට්ටිය පෙන්වීමට පවා ඈ උත්සුක වූවාය. ඇගේ පාසල් සමයේ මිතුරියන් කරා ගොස් එකල ඇයට ලිපි ලිවූ පෑනේ මිතුරා මා බවත් අවුරුදු හතලිහකට පසු මුණ ගැසුණු බවත් මහත් ආඩම්බර ලෙස කියා සිටියාය.
උල්රිකී වෙත මුල් කාලයේදී යවන ලද ලිපි සියල්ලම ඈ සුරැකිව තබාගෙන සිටියාය. වාසනාවකට මෙන් මා ළඟ තිබූ ඇයගෙන් ලද සේයා රූ සහ පින්තූර තැපැල් පත් මම රැගෙන ගියෙමි. ම විසින් යවනලද වෙස් මුහුණු බිත්ති සැරසිලි ඇගේ නිවස සරසා තිබිණි. එකල මගෙන් ලද ලිපි හඬනගා සන්ධ්‍ය වෙත කියවමින් ඈ කුඩා දැරියක සේ සතුටු වූවාය. (යෞවන වයසේදී පවා කෙල්ලක වෙත සංයමයෙන් යුතුව ලියුම් ලිවීම පිළිබඳව මම මටම ස්තුති කර ගතිමි.) අධික ලෙස දුම් පානයට පුරුදු වී සිටි තරෙක් අතරින් පතර විහිළුවක් කරමින් අප හා එක්විය.
විශේෂ ගමනක් ලෙස ඈ අප ඕස්ට්‍රියාවට කැඳවාගෙන ගියාය. වසර දහයකට වතාවක් මහා පාස්කු සංදර්ශනයක් පැවැත්වෙන ඔබර්මංගවු ගම්මානයටද, ඇල්පස් කඳුවැටියේ කොටසකටද යාමට අප වාසනාවන්ත වූයෙමු,
එක් විශේෂ සිදුවීමක් මෙහිලා සඳහන් කළ යුතුය. සංචාරක තොරතුරු සෙවීමේදී මියුනිච් නගරයට නුදුරුව නාසි රැඳවුම් කඳවුරක කෞතුකාගාරයක් ඇතිබව දැන සිටියෙමි. බර්ලිනයේදී එම අවස්ථාව නොලද බැවින්, ඇය අප යාමට කැමති තැන් විමසූ අවස්ථාවක 'ඩාහව් ' රැඳවුම් කඳවුර දැක ගැනීමට කැමතිබව දැනුම් දුනිමි. ඒ ඇගේ පියාගේ නිවසේදීය. මා බලවත් අපහසුතාවයකට පත්කරමින් ඔවුන් සියළු දෙනාගේම සොම්නස් සහගතව තිබූ මුහුණු අඳුරු පටලයකින් වැසිණි. තත්වය තේරුම් ගත්තරෙක් අප වෙත කරුණු පහදා දීමට ඉදිරිපත් විය. නාසි යුධ සමය සහ එකල වූ සිදුවීම් අද ජර්මානුවන් කලු ලපයක් ලෙස සලකන බවත් ඒ පිළිබඳව කතාකිරීමට පවා අකැමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඉන්පසු මා ඒ ගැන කතා නොකළෙමි. කෙසේ වෙතත් පසුදින තරෙක් සහ උල්රිකී අප එහි කැඳවාගෙන ගියහ. එහිදී දක්නට ලැබුණු දේ හද කකියවන සුළු විය. බොහෝ සංචාරකයන් පැමිණ සිටි නමුත්, ඒ අතර ජර්මන් ජාතිකයන් නොවීය. පැමිණ සිටි සියල්ලෝම පාහේ විදේශ වලින් පැමිණි යුදෙව් ජාතිකයන් විය. යුද්ධයක අඳුරු සෙවනැලි තව කොතෙක් කලක් අප පසු පස සැරිසරාවිද......?
අගෝස්තු 27 දින, උල්රිකී අප ගුවන් තොටුපළට කැඳවාගෙන විත් සමු දුන්නාය. දින දහයක නොමැකෙන මතක සටහන් සිත්හි දරාගෙන අප මියුනිච් ගුවන් තොටුපලින් පිටත් වී මව්බිම බලා ළඟා වීමු. අප ආපසු එන තුරු පුතා තණිවම උයාගෙන කමින් නිවස බලාගෙන සිටියේය.
මේ කතාවට අදාලව පසු-කතා දෙකක් ඇත. මෙහිම සඳහන් නොකළහොත් යළි අවස්ථාවක් නොලැබෙන බැවින් මදක් ඉවසන්න.
ඒ දුර්ලබ සොඳුරු සිදුවීම සිහිවන මොහොතක් පාසා ම අප ගුරුතුමා; 'වීරසේකර සර්' සිහියට නැගුණි අපට වඩා වසර දහයකින්වත් වැඩිමහල් එතුමා විශ්‍රාමිකව කොතැනක හෝ සිටිනවා විය හැක. පාසල් මිතුරන්ගෙන් විමසා බැලූ නමුත් තොරතුරක් සොයාගත නොහැකි විය. එතුමා හමුවී මෙම තොරතුරු දැනුම් නොදුන්නොත් ලොකු අඩුවක් බව මට දැනුණි. දක්ෂ ගුරුවරයකු වූ එතුමා අප විද්‍යාලයෙන් කොළඹ ආන්නදයට මාරු වී ගිය බව මතකය. වර්තමානයේ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පමණක් නොව ආදි ගුරු සංගම්ද ඇතිබව අසා ඇත්තෙමි. මම ලිපියක් ලීවෙමි. මා එතුමාගේ ගෝලයකු බවත් එතුමා හමුවීමට අවශ්‍ය බවත් හැකිනම් එම ලිපිය එතුමා වෙතට යොමුකරන ලෙසත් ඉල්ලා මගේ ලිපිනය සහ දුරකතන අංකද සහිතව 'ආනන්ද විද්‍යාලයීය ආදි ගුරු සංගමයේ ලේකම්' නමට; මා සිතින් මවාගත් තනතුරකට, ආනන්ද විද්‍යාලයේ ලිපිනයට තැපැල් කළෙමි.
එම උපක්‍රමය සාර්ථක විය. සති දෙකකට පමණ පසු බලාපොරොත්තු නොවූ මොහොතක වීරසේකර සර්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. එතුමාගේ පදිංචිය සහ දුරකතන අංක ලබාගත් මා ඊ ළඟ සති අන්තයේම එතුමා සොයා ගොස්, එතුමන් නිසා මා ලද එම සුවිශේෂී අත්දැකීම විස්තර කළෙමි. ජර්මනියෙන් ගෙනා කුඩා ත්‍යාගයක්ද පිළිගන්වා දෙපා නැමද තුති පිදුවෙමි. තම දරුමුණුපුරන් සමග විශ්‍රාම සුවයෙන් පසුවූ එතුමාගේ දෙණෙත් තෙත්වණු ද දුටුවෙමි. අප ජීවිතවලට තදින් බලපෑ ආදරණීය ගුරු මා-පිය වරුන් වෙත පිදිය හැකි ඊටත් වඩා වටින ගුරු පඬුරක් වෙත්ද?
දෙවන පසු-කතාව: අප 'තරෙක් සහ උල්රිකී ' ගෙන් සමු ගනිද්දී ඔවුනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකිරීමට පැමිණෙන ලෙස ආරාධනා කළෙමු. ඒ වන විට උල්රිකී සහ සන්ධ්‍යා කුළුපග මිතුරියන් වී සිටියහ. ස්කයිප් හරහා කතා කරද්දී වැඩි කාලයක් ගත වූ යේ ඔවුන් දෙදෙනාටය. ගිම්හාන නිවාඩුව සඳහා 2015 අගෝස්තූ මස ලංකාවට පැමිණීමට අදහස් කරන බව වරක් ඈ සඳහන් කළාය. ඔවුන් සමග යායුතු තැන් සැලසුම් කිරීම සන්ධ්‍යාගේ ප්‍රමුඛතාවයන්ට ද එක්විනි. සති කිහිපයකට පෙර උල්රිකී පැවසූවේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙම අගෝස්තුවේදී නොපැමිණෙන බවත් 2016 වසරේදී පැමිණීමට අදහස් කරන බවත්ය. වඩාත් කණගාටුවට පත් වූයේ මා නොව සන්ධ්‍යාය.........

"හපන්කම් මෝඩකම් සහ පුරසාරම්" 1960 දශකයේදි මා කියවූ පොතකි. කතෘ හරියටම මතක නැත. ඒ ලාල් ප්‍රේමනාත් ද මැල් හෝ වී. ඩී. ද ලැනරෝල් මහතා විය හැක. පොතේ අන්තර්ගතය ගැනත් ලොකු මතකයක් නැත. නමුත් එහි සඳහන් වූ එක් මෝඩ කමක් නම් තවමත් මතකයේ පවතී. කතුවරයා කුඩා කාලයේදි, රාත්‍රියට කෑගසන ගෙම්බන් ට දඬුවමක් දීමට සිතා පොල්කටු වලින් වැසූ බවත් දින කිහිපයකට පසුව මතක් වී බැලූවිට මියගොස් සිටි ගෙම්බන් ගෙන් දැඩි දුගඳක් හැමූ බවත් එහි සඳහන්වුණි. එම සිදුවීම මා සිත තුල තහවුරු වූයේ එවැනි අසාර්ථක පර්යේෂණ මා අතින්ද සිදුවී ඇති බැවින් විය හැක.
මෑත කාලයේ සිට ළමා කාලය දක්වා මගේ ජීවිතයේ විවිධ සිදුවීම් සිහිකළෙමි. ඒවා ලීවොත් හඳුන්වන්නට සුදුසු වන්නේ ද 'හපන්කම් මෝඩකම් සහ පුසාරම්' වැනිම නමකි. ඊට අමතරව 'තක්කඩිකම්' යන වචනය ද එක් කිරීම උචිත යයි සිතමි.
"හපන්කම් මෝඩකම් තක්කඩිකම් සහ පුරසාරම්"
සමරසිංහ ගුණසේකර නම් මහත්මයෙකුගේ පොතක් මෑතකදී කියවීමි. "පස්සට හැරී ඉදිරියට යාම" වැනි නමකි. එතුමා අධ්‍යාපනික පොත් සහ සමාජ විද්‍යාත්මක පොත් සෑහෙන ගණනක් ලියා ඇති බවත් නවකතා හෝ කෙටිකතා නිර්මාණ කිරීමට උත්සාහ නොගත්තේ නොහැකි කම නිසා බවත් එහි සඳහන් වුණි. එම පොතෙහි ඇතුලත් වූයේ එතුමා ගේ ජීවිතයේ දී ලද විවිධ අත්දැකීම් එලෙසින්ම ඉදිරිපත් කිරීමකි.
මගේ උත්සාහයද එවැන්නකි. (කෙටියෙන් යමක් ඉදිරිපත් කිරීමට ඇති මගේ නො හැකියාව ගැන කමන්න.)
මේ facebook (fb) නිසා මා ලද අත්දැකීමකි. 'මුහුණු පොත' හෝ 'බුකිය' යන නමින් හැඳින්වීම මට නුහුරුය.
මගේ පරම්පරාවට අයත් මෙරට වෙසෙන අයගෙන් fb ඉන්නේ බොහොම සුළු පිරිසකි. ඒ අය අතරින් ද නිතිපතා එහි ගැවසෙනුයේ අවමයකි. අද සමාජයේ විශ්‍රාමිකයන්ට වුව විවේකයක් නැත. 50 දශකයේ හෝ ඊට පෙර උපත ලද අප, 90 දශකය වනවිට තම තමන්ගේ ඉරණම් පරිදි ජීවිතයේ මූලික කටයුතු අවසන් කළ අය වූහ. තරඟකාරී සමාජ රටාවකට යොමුවූ උත්සාහවන්ත කොටස හැරෙන්නට සරළ දිවියකට යොමුවූ, ලද දෙයින් සතුටු වූ වැඩි පිරිසකට අළුතින් යමක් ඉගෙනීමේ අවශ්‍යතාවයක් මතු නොවිණි. අළුත් තාක්ෂණය අනාගතය ජයගන්න සිටින තම දරුවන්ට ලබාදීමෙන් ඔවුහු සෑහීමට පත්වූහ. නමුත් තවත් කොටසකට අකැමැත්තෙන් නමුත් තම රාජකාරි අවශ්‍යතාවයන් සඳහා වෙහෙස ගෙන මේ නුහුරු තාක්ෂණය ඉගෙනීමට සිදුවූහ. මා අයත් වන්නේ එම තෙවැනි කොටසටයි.
එවකට මා රැකියාව කළ ආයතනයට ස්වීඩ්න් ජාතික මහාචාර්ය වරයකුගෙන් පරිගණක යන්ත්‍රයක් තෑගි ලැබුණි. ඉන් අනතුරුව එතුමා බලාපොරොත්තු වූයේ e-mail මගින් තොරතුරු හුවමාරු කර ගැනීමයි. මා බලවත් අපහසු තාවයකට පත් වූයේ මෙහිදීය. අකැමැත්තෙන් නමුත් එම කාරියට යොමු වීමට සිදුවුණි. එහිදී ලද හුරුව සහ අවබෝධය නිසාම, බිරිඳගේ අකැමැත්ත ද නොතකා පුතාට පරිගණකයක් මිළට ගෙන දුණිමි. (මන්ද, ඒ දරුවන්ට පරිගණක ලබාදෙන්ට අදිමදි කළ යුගයකි. එහිදී පුතා සහ මා අතර ඇතිවූ එකඟතාවය නම්, පරිගණකය තිබෙන්නේ චිත්‍රපට බැලීම හෝ කාර් රේස් ක්‍රීඩා සඳහා නොවේය යන්න යි.) එය ආයෝජනයක් විය. පසු කාලීනව පරිගණකය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව මගේ ගුරුවරයා වූයේ ඔහුය. මා වැඩිදුර ඉගෙනගත්තේ ද උපදෙස් ගත්තේ ද පුතාගෙනි. මට fb පිටුවක් සාදා දුන්නේද ඔහුමය. friends ලා හැටියට මුළින්ම සම්බන්ද වූයේද පුතා, අක්කාගෙ දුව සහ තව ත් කිහිප දෙනෙකු පමණි.
එක් දිනක රතු තිතක් සමග fb message එකක් විය. එහි සඳහන් වූයේ "Long ago I had a pen friend in Sri Lanka with a similar name . Is that you? I am Ulrike" යන්නයි. එම ඉතිහාස කතාව මෙසේ සඳහන් කරමි.
අප අ.පො.ස. පන්තිවල උගන්නා අවධියේදී ඉංග්‍රීසි විෂයය අප උන්දුවෙන් හැදෑරූ විෂයයක් නොවීය. සිංහල පමණක් සෑහේ යයි එකල මතයක් පැවතුණි. එක දිනක අපේ ගණිත ගුරුතුමා වූ වීරසේකර මහතා (ඔහු අප සිත් දිනාගත් තරුණ ගුරුවරයකු විය) ගණිත පාඩම අවසානයේදි අපට කුඩා කඩදාසි කැබලි වගයක් බෙදාදුණි. වටේට නිල්-රතු ඉරි කැබලි සහිත බෝඩරයක් වූ ඒවායේ විදෙස් රටවල ලිපිනයන් සඳහන්වී තිබුණි. ඒ International Youth Service (IYS) නම් ආයතනයකින් නිකුත්කළ පෑනේමිතුරු මිතුරියන්ගේ ලිපිනයන් රැසකි. එතූමාගේ උපදෙස් පරිදි අප ගැන තොරතුරු, අපේ පාසල සහ ලංකාව පිළිබඳව තොරතුරු සඳහන් රචනාවක් ඉංගිරිසි බසින්සකස් කළෙමු. පසුව එම රචනාව ගුවන්ලියුමක ලියා අපට ලැබුනු ලිපිනයන්වෙත තැපැල් කළෙමු (ඒ දිනවල Aerogramme නමින්හැඳින්වූ ගුවන්ලියුම් අද ඇතිදැයි නොදනිමි. එකක් ශත 35 ක් හෝ 50 ක් විය.) සති දෙක තුනකට පසුව එම ලිපි සඳහා පිළිතුරු ලැබීම ඇරඹුණි. සැමටම පිළිතූරු නොලැබුණු අතර, පිළිතුරු ලද දස දෙනෙකු පමණ වූ පිරිස අතුරින් මාද එක් වාසනාවන්තයෙක් වීමි. ඊ ළඟට අප මුහුණ දුන්නේ එම ලිපි සඳහා පිළිතුරු යැවීමේ ගැටළුවටය. මුලදී අමාරුවෙන් ඉංගිරිසි ගැටගසාගෙන දන්න කෙනෙකුට කියා නිවැරදි කරගෙන අපහසුවෙන් ලීවෙමු. පසුව කල් යාමේදී තනිවම ගලපාගෙන ශබ්ධකෝෂ උපකාරයෙන් ලියාගන්න ට පුරුදු වීමු.
ඇගේ නම Ulrike ය. දකුණු ජර්මනියේ අශ්වයින් ඇතිකරන ගම්මානයක දැරියකි. අප සමාජ පරිසරයේ වූ විවිධ සීමා සම්මත අතර, සම වයස් තරුණ තරුණියන් ලිපි ගනදෙනුව, අනුමත යහගුණයක් නොවිය. ඒ නිසාම ඇය සමග ඇතිවූ ලිපි ගනදෙනුව, අදහස් හුවමාරුව යොවුන් වියේ සුන්දර අත්දැකීමක් විය. අප මුද්දර, පින්තූර තැපැල්පත්, ඡායාරූප ආදිය හුවමාරු කර ගතිමු. වරක් ඇය මට වර්ණ සේයා පටලයක් සහිත කුඩා කැමරාවක් එවා තිබුණි. ඒ යුගයේදී අපට, වර්ණ ඡායාරූප ඉතා දුර්ලභ දෑ විය. එදා අද මෙන් විදෙස් පාර්සල් නිවසට ගෙනැවිත් බාර දුන්නේ නැත. ඒවා ප්‍රධාන තැපැල් කාර්යාලයේ රඳවාගෙන දැන්වීමක් පමණි නිවසට ලැබුනේ.
තාත්තා, ඒ අවස්ථාව මට වටිනා අත්දැකීමක් ලබාදීමට යොදාගත් ආකාරයද මට හොඳින් මතකය. පාසල් නිවාඩු කාලයක් බැවින් මට තනිවම කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් එය රැගෙන එන ලෙසට දැනුම් දුන් තාත්තා ගමන් මග සහ අනෙකුත් උපදෙස් ද පැහැදිලි ලෙස ලබා දුන්නේය. ඊට පෙර දී අන් අය සමග කොළඹ යාම අරුමයක් නොවූවද , තනිවම අගනුවර ප්‍රධාන ආයතනයකට ගොස් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමේ පළමු අත්දැකීම එදින මම ලදිමි. තැපැල් කාර්යාලයේ නිළධාරි මහත්වරුද ඉතා කරුණික ළෙස මා පිළිගෙන එම පර්සලය නිදහස්කර දුන් ආකාරය අදත් මා මතකයේ පවතී. ඉංගිරිසි බස හුරුවීම අගය කළ නිසාම, ඇයට තෑගි යැවීමට මට මුදල් ලබාදීම අපතේ යැවීමක් ලෙස මා දෙමාපියන් නොසැළකූ බවද දනිමි.මා ඇය වෙත යැවූ යේ කුඩා වෙස්මූණක් සහ පන්කොල පසුම්බියකි. ඇය විසින් එවන ලද වර්ණ සේයා පටලයේ සේයාරූ මුද්‍රණය කර ගත්තේද එය ඇය වෙතම යැවීමෙනි.
මෙලෙස වසර කිහිපයක්ම අපි ඉතා සුහදව ලෙන්ගතුව ඇසුරු කළෙමු අප දෙදෙනාම යොවුන් වියෙහි වූ අතර වරක් ඈ ඇගේ boy friend කෙනෙකු ගැන සඳහන්කර එවූ ලිපියකින් මම බලවත් සේ කම්පාවට පත්වීමි. නමුත් අප මිතුදම එලෙසම පැවතිණි. පාසල හැරයන විට මගේ පන්ති මිතුරන් සැමදෙනාගේම පාහේ පෑනේ මිතුරු මිතුරියන් සමග වූ සබඳතා නැවතී තිබුණි. මා වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යාපනය ලබන කාලයේ පවා අපි එකිනකා සමග ලිපි හුවමාරු කර ගතිමු. ඇය නීති අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන බව සඳහන් කළාය. රැකියාවට යාමෙන් පසුවද කලක් අප දෙදෙනා අතර ලිපිහුවමාරුව පැවති අතර, එය මදින් මද අඩුවී අපට නොදැනීම නැවතී තිබිණි. ඒ 1982 දී පමණය.
මා ඉහතින් දැක්වූ fb message එක ලැබුනේ 2009 දීය. ඒ මා විශ්‍රාම ලැබ නිදහස් දිවියක් ඇරඹූ අළුතය. ඇය බැංකුවක නීති නිළධාරිනියක ලෙස කටයුතු කරන බවත් ඇයට එක් දියණියක සිටින බවත් සඳහන් කළාය. ඇගේ fb ගිණුම අරඹා දී, ලොව ඕනෑම තැනක සිටින කෙනෙකු සම්බන්ධ කරගත හැකිබවට ඇගේ සැමියා කළ යෝජනාව අත්හදා බැලීමට මගේ නම ඇතුලත් කර search කළ බවත් මගේ fb ගිණුම දැක පුදුමයට මෙන්ම සතුටට පත් බවත් ඇය සඳහන් කළාය. යොවුන් වියේදී පෑනේ මිතුරන්ව සිටි අප වැඩිහිටි වියේදී e-මිතුරන් වීමු. fb සහ e-mail හරහා අපි නිතරම අදහස් හුවමාරු කරගතිමු.
වරක් ඈ skype හරහා සම්බන්ධ වීමට යෝජනා කළාය. ඒ වන විටත් මට skype පිළිබඳව අත්දැකීමක් නොවීය. මෙහිදී ද මගේ පිහිටට ආවේ මා පුත්‍රයාමය. ඔහු පරිගණකය ට webcam උපකරණයක් සවිකර එම අවස්ථාව ද උදාකර දුන්නේය.
ඒ සුවිශේෂී දිනයක් විය. දශක හතරකට පමණ පෙර අහම්ඹෙන් හඳුනාගත් අප දෙදෙන, පළමුවරට මුහුණට මුහුණ බලා කතා කිරීමට අවස්ථාව ලදිමු. එවකට 'James Bond' චිත්‍රපට වලින් හා 'ඩීමන් ආනන්ද'ගේ පොත් තුලින් පමණක් දුටු ඒ අනාගත තාක්ෂණය සැබවින්ම අත්දැකීමට වාසනා වන්තයෙක් වීමි. (ආතර් සී. ක්ලාක් මහතා ගේ පත පොත සහ අදහස් සම්භාව්‍ය කෘතින් ලෙස සැලකීමට අප පුරුදු වී සිටියෙමු.) ඈ ඇගේ සැමියා හා දියණියද skype හරහා හඳුන්වා දුන්නාය. මා පුතු මෙන්ම බිරිඳ, සන්ධ්‍යා ද කතා බහ ට එක් වූහ.
සියල්ල අවසානයේ සතුටු සිතින් ආපසු හැරුණු පසුය දුටුවේ, සිදුවමින් පවතින ක්‍රියාවලියේ අයහපත් පැත්ත. සන්ධ්‍යාගේ මුහුණේ නම් සතුටක සේයාවකදු නොවූ අතර මහා අමනාපයක ලකුණු පමණි මා දුටුවේ........!

ජර්මන් ජාතික මිතුරියක fb හරහා share කර තිබුනා කඳුලක් ඇති ඇසක සේයාරුවක් සමග කතාවක්. Bin හරහා පරිවර්තනය කියවූ විට සිතුනා සිංහලට නැගුවා නම් හොඳයි කියා. නිතර ලියවෙන පන්හිඳකින් ලීවා නම් මීට වඩා ලස්සනට ලියවේවි....
එක දවසක් කුඩා පුතෙක් දුටුවා අම්මා ගේ දෑසේ කඳුලු.
ඔහු අහනවා,
"ඇයි අම්මා අඬන්නේ?"
"නැහැ,නිකන්!"
"ඇයි නිකන් අඬන්නේ?"
"මම ගැහැණියක් නිසා"
"මට තේරෙන්නේ නැහැ"
"ඔයාට කවදාවත්ම ඒක තේරුම් ගන්න බැරිවේවි"
ඇය පුතු වැළඳගෙන හිස සිප ගත්තා.
පුතා තාත්තා ළඟට ගියා.
"ඇයි තාත්තේ අම්මා අඬන්නේ හේතුවක් නැතුවම?"
"ඒක එයාලගේ හැටි.හේතුවක ඕනැ නැහැ අඬන්න.දෙයියො තමයි දන්නේ ඇයි කියලා"
තාත්තා පිළිතුරු දුන්නා.
පුතා දෙවියන් සොයාගෙන ගියා.
"ඇයි අම්මා අඬන්නේ හේතුවක් නැතුවම?"
දෙවියෝ පැහැදිලි කළා.
"පුතා මම ගැහැණිය මවන්නට පෙර ගොඩක් දුරට හිතුවා. ඇය සුවිශේෂ අයෙක් වියයුතුයි කියා.....
මා ඇයට ශක්තිමත් දෙඋරක් ලබා දුන්නා,ලෝකයේ බර දරන්නට;
ඒ සමගම එය සුව පහසු තැනක් කළා, ඔබේ හිස තබා නිදන්න.
මා ඇයට වේදනාව දරාගැනීමේ හැකියාව ලබා දුන්නා; ඔබව ලොවට බිහිකරන්න.
මා ඇයට තදබව ලබාදුන්නා;
තම වෙහෙස හෝ අසනීප බව හෝ නොතකා පවුලේ අවශ්‍යතා සඳහා කැපවෙන්න.
මා ඇයට ඉවසීම ලබාදුන්නා; තම සැමියාගේ වැරදි, අඩු පාඩු, සැර පරුෂ ගති, නොතකා හරින්න.
මා ඇයට හැඟීම් ලබාදුන්නා;
සෑම විටම කුමන තත්වයන් යටතේදී වුව,
ඔවුන් ඇයට දරුණු ලෙස රිදවා ඇති විටදී පවා, තම දරුවන්ට ආදරය කරන්න.
අවසානයේදී තවත් සුවිශේෂි දෙයක්.........
ඇයට මා කඳුලු ලබාදුන්නා......... ඇයටම පමණක් අවශ්‍යවූ විටෙක ප්‍රයෝජනයට ගන්න....
පුතා ඔබට තේරුනාද.....?
ගැහැණියගේ ලස්සන තියෙන්නේ ඇගේ මුහුණේ,සිරුරේ,ඇඳුම පැළඳුමේ හෝ හිස සැරසිල්ලේ නොවේ...... ගැහැණියකගේ ලස්සන දකින්නට හැකි ඇගේ දෙනෙත තුලින්ම පමණයි.
ඇගේ හදවතට ඇති එකම දොරටුවද එයයි.
ආදරය රැඳී සිටින්නේ ඇගේ හදවත තුලයි.
ඔබට හැකිවේවි නම් එය ඇගේ දෙනත තුලින් දකින්න;
ඔබ තේරුම් ගනීවි ඇයි ඇය හඬන්නේ කියා....."
පසුගිය 6 වනදා, මගේ උපන් දිනය දා, අවශ්‍යතාවයක් සඳහා මට රත්මලානට යන්න සිදුවූවා.
සාමාන්‍යයෙන් මා ගමනක් බිමනක් යන්නේ කලාතුරකින්, හැකි පමණ අළුයමින් නිවසින් පිටත් වී උදෑසන 7 - 8 වන විට ගමනාන්තයට යන්න බලාගෙන. නමුත් එදින නිවසින් පිටත් වුණේ පමාවී. පෙ. ව. 10.30 ට පමණ, අංක.17 නුවර-පානදුර බසයකට ගොඩවුණේ තනි බසයෙන් ම රත්මලානට යන්න. දහවල් කාලයේ බසයකින් යනවිට බොහෝ දේ දකින්න ලැබෙනවා. ඒක වටිනා අත්දැකීමක්. මා වාඩිවී සිටියේ බසයේ වම් පැත්තේ අයිනක.
පාරට මායිම්ව ක්‍රීඩා පිටි තිබුණු පාසල් දෙක තුනකම දරුවෝ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ට සූදානම් වනු දකින්නට ලැබුනා ප.ව. 12.30 ට පමණ අත්තනගල්ලේ සංඝබෝධිය ළඟදී දුටුවා ඔවුන්ගේ ක්‍රීඩා උත්සවයේ ආරම්භය. තූර්ය වාදනය පසුබිමින් වැයෙද්දී ශිෂ්‍ය භටයින් අට දෙනෙක් පාසල් ධජය රැගෙන ගාම්භීර ලෙස කොඩිගස වෙත යන ආකාරය.
දුටුවේ තත්පර කීපයයි මට අපගේ පාසල් සමය මතක් වුණා.
යක්කල ඉන්ද්රජෝතියේ දරුවෝ පෙළ ගැසිලා ඉන්නවා ප්‍රධාන අමුත්තා පිළිගන්න. පිටියේ ඈත කෙළවර නිවාස කූඩාරම්, විවිධ හැඩයෙන්......
බැලුම්මහරින් හරවලා වැලිවේරිය හරිය පසුකරන විට තවත් පාසලක දරුවෝ තිදෙනෙක් ඔලිම්පික් පහන දැල්වීමට ගිනි සිළු රැගෙන පිටිය වටා සෙමෙන් දුවනවා. ඊට අමතරව සියඹලාපෙ බියගම හරියෙත් පාසල්වල ක්‍රීඩා උත්සව දුටුවා.
එදා පළමු පාසල් වාරය ආරම්භ වී සති හතරකට පමණ පසුව ආ සිකුරාදා. අධ්‍යාපන අමත්‍යාංශ චක්‍රලේඛනයක් තියනවා මා හිතන්නේ වසරේ පළමු මාසය තුළදී නිවාසාන්තර ක්‍රීඩා තරග අවසන් කළ යුතු බවට.
මගේ පාසල් කාලයේ සිදුවීම් එකිනෙක මතකයට ආවා. පාසල් සමයේ මා ක්‍රීඩකයෙක් වුණේ නැහැ. ක්‍රීඩා උත්සවවලදී වැඩිපුර කළේ තමන්ගේ නිවාසයේ ක්‍රීඩකයින්ට ඔල්වරසන් දෙන එක. පහළ පන්තිවල සිටිද්දී වරක් විකට ඇඳුම් තරගයට සහභාගි වුණා කාවඩි නැට්ටුවෙක් හැටියට ටොෆී පැකට් එකක් තෑගි ලැබුණා. මැද පන්තිවලදී සංගීත අංශයට සම්බන්ධ වූ නිසා පාසල් ගීතය ගයන කණ්ඩායමට ඇතුලත් වුණා. පසුව තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් වී ආචාර පෙළපාලියට සහභාගි වුණා.
ඉහළ පන්තිවලදී ක්‍රීඩා උත්සව සමය කියන්නේ සුන්දර අත්දැකීමක්. ඒ කාලයේ ගෙදරින් වැඩිපුර නිදහස ලැබුණා. පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුනොවූ තරම්. ගුරුතුමන් ගුරුතුමියන් සමග එකට එකතු වී නිවාස කූඩාරම සෑදීම වගේ කටයුතු හරිම මිහිරියි.
මා ඉගෙනුම ලැබුවේ පිරිමි පාසලක. මිශ්‍ර පාසලක උගත් අයගේ මේ අත්දැකීම වඩාත් සුන්දර වන්න ඇති. ලී දඬු පොල්අතු සොයන්නට යාම, කණු සිටවීමට වලවල් හෑරීම, කෙසෙල් සමග බනිස් කාලා මහ රෑ වන තුරු කූඩාරම් සෑදීම හරිම සුන්දරයි…..
ක්‍රීඩා උත්සවයකදී මා සැබෑ තරගයකට සහභාගි වුණේ පාසල් දිවියේ අවසාන වසරේදී. ඒ අවුරුද්දේ මා නිවාසයේ උපනායක. ක්‍රීඩා හැකියාවක් නිසා නොවේ. පාසල් සංගම් කටයුතු ආදියේදි සිසුන් ගුරුවරුන් අතර නමක් දිනාගෙන සිටි නිසා.
ඒ වසරේදී අප පාසල් ක්‍රීඩා උළෙලට අලුත් තරගයක් එකතු වුණා. පළමු වතාවට මහා මාර්ග බයිසිකල් ධාවන තරගයක්. සමහර අය කීවා ඒක අනතුරු දායකයි කියලා. තරගකරුවන්ට දෙමාපියන්ගෙන් විශේෂ අවසරයක් ගන්න සිදුවුණා. තරඟය පැවැත්වුණේ ක්‍රීඩා උළෙලට කලින් සතියේ සෙනසුරාදා. එක් නිවාසයකින් තරගකරුවෝ දස දෙනෙක්. ඔක්කොම 40ක්. උදෑසන 7ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ. අපේ නිවාසයේ එක තරගකරුවෙක් ආවේ නැහැ. නියමිත දහය සම්පූර්ණ කරන්න අවැසි නිසා යහළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලාගෙන මගේ නම ඇතුල් කළා. අතරමගදී අමාරු වුණොත් ආපදා රථයෙන් ආපසු එන බලාපොරොත්තූවෙන් තමයි මා සහභාගි වුණේ. ක්‍රීඩා භාර ගුරුතුමා අවවාද කළා මාර්ග නීති සුරැකිය යුතු බවට. ඉදිරියෙන් පොලිස් නියාමන රථයක් ද සහිතව තරගය ආරම්භ කළා. පටන් ගන්නකොට ම කිහිප දෙනෙක් පැටළිලා වැටුණා. ඒ කාලේ අද වගේ එක බයිසිකලයකට යතුරු පැදි තුනක් විතර උදව්වට ආවෙ නැහැ. බොහෝ තරගකරුවෝ මාව පසු කරලා ඉදිරියට ගියා. මාර්ගය තිබුණේ කුරුණෑගල සිට මාවතගමට ගොස් එතැනින් හැරී බරන්දනට ගොස් යළිත් මල්ලවපිටිය හරහා පාසලට පැමිණීම. බාගයක් විතර යනවිට තේරුනා ඒක එතරම් අමාරු කාරියක් නොවන බව. ටිකක් හිතට අරගෙන පෑගුවා. පාරෙ හොඳට ඉඩත් තිබුණා. මග දිගට කට්ටිය වතුරත් ගහනවා. හරිම විනෝදයි. ඉදිරියෙන් හෝ පසුපසින් තරගකරුවෝ පේන්න නැහැ. හති දාගෙන පදින කිහිප දෙනෙක්ව පසුකරන්න හැකි උනා. සමහර අයගෙ බයිසිකල කැඩිලා ආපදා රථය එනතුරු සිටිනවා. ඊට පසුව මට හැකි උපරිම වේගයෙන් තරගය අවසන් කළා.
අවසන් ඉර පසු කරද්දී ලැබුනු ඔල්වරසන් හඬ හරියට මා පළමු තැන දිනුවා වගේ......
මට ලැබී තිබුනේ 11 වන ස්ථානය. පළමු වැනියා අපේ නිවාසයෙන්. මට කලින් අපේ පස් දෙනෙක් තරගය අවසන් කර තිබුණා. 40 දෙනාගෙන් 26 දෙනකු පමණයි තරගය අවසන් කළේ. කණ්ඩායම් ශූරතාව ලැබු අපට. ක්‍රීඩා උළෙලේ තෑගි බෙදාදීමේදි පාපැදි තරගයේ කණ්ඩායම් ශූරතාව ලබා ගන්න නිවාස කොඩිය යටින් යන්න වුණේ මට.
කොතරම් සතුටක් ද….. ආඩම්බරයක් ද………. අහඹුවකින් තරඟයකට සහභාගි වී දිනුමක් ලැබුනහම මේ තරම් සතුටක් දැනෙනවා නම්, ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තරඟකර පරාජය ලැබුනහම මොනතරම දුකක් වේදනාවක් දැනෙනවා ඇතිද .....?