"පුරසාරම්", අන් අයගේ මුවින්.....

10/05/2016

බලාපොරොත්තු නොවුන වෙලාවක තමන් ගැන ගුණ වැයුමක් අසන්නට ලැබුනොත් ලෞකික තලයේ දිවි ගෙවන අයෙකුට සිතට සතුටක් දැනෙන එක සාමාන්‍යයි. සමහර වෙලාවට මා පෙන්වන්න උත්සාහ කරනවා අට ලෝ දහමට කම්පා නොවෙන මනුස්සයෙක් හැටියට. ඒත් ඉතින් කවුරුන් හෝ මා ගැන වර්ණනාවක් කළොත් හිත යටින් පොඩි ආඩම්බරයක් ඇතිවෙන එක නවතා ගන්න තරමට තවම උපේක්ෂාව දියුණු කරගෙන  නැහැ.

සුමිල් අනුපම ලෝව්, වර්තමානයේ අපේ වෘත්තිය වෙනුවෙන් මහා වැඩ කොටසකට උර දීලා සිටින සගයෙක්; වෙනත් වෘත්තීමය සිද්ධියක් ඉදිරිපත් කිරීමේදී ඔහු මාගේ සේයාරුවක් ද සමගින් මටත් අමතකව තිබූ පැරණි සිදුවීමක් සසඳා fb එකේ පල කර තිබුණා.

මගේ සිසු දරුවන් කිහිප දෙනෙකුත් ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා.
පුතා, කවින්ද ඒක බෙදාහැර  තිබුණේ  “When you get to know things you didn't know about your father, through social media..!!!” කියල අපුරු උදෘතයක් ද සමග.
මගේ සගයෙකුගේ දියණියක් රෝෂිතා, ඇය මා මුණගැසී ඇත්තේ දිනක් හෝ දෙකක් පමණයි. මා පිළිබඳව මටත් නොතේරෙන විග්‍රහයක් කර තිබුණා.

මා එයට ප්‍රතිචාර දැක්වුයේ මදක් සැහැල්ලු ආකාරයට “මගේ අවමගුලේදී කියන්න තිබුණූ කතාවක් කලින්ම අහන්න ලැබුණා” කියල.

මේක Blog එකට ඇතුල් කළොත් පසුව දවසක හෝ බලන්න හැකිනේ. අනෙක මා ගැන මටම ලියන්න නොහැකි “පුරසාරමක්” නේ මේක. මා මේ Blog එක පටන් ගත්තෙත් මා ළමා කාලයේ කියවපු ලැනරෝල් මහත්මයාගේ “මෝඩකම්, හපන්කම් සහ පුරසාරම්” කියන පොතේ නමට “තක්කඩිකම්” කියන වචනෙත් එකතු කරලා. තක්කඩිකමක් ගැන නම් තවම ලිය ගන්න බැරි වුණා........


පුරාවෘත්තයක් ගැන මතකයක් අවදි කල Amila Achintha...!
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Nayanananda Gunasekara ~වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදය අප මාතෘ භූමියේ පවතින තුරු ඔහුගේ නාමය අමරණීය වේ. 
ඒ තරමටම අනභිභවනීය වූ කිසිදා බිඳ හෙලිය නොහැකි , නමුත් සම කල හැකිව තිබූ වාර්තාවක් මේ විශිෂ්ඨයාගේ නමට සටහන්ව ඇත. එහෙත් පසුගිය වසර 40 පුරාවට අපගේ සේවාවට තවත් එවැනි දක්ෂයකු හමු නොවීය.
මේ විශිෂ්ඨයා අන්කවරෙකුවත් නොව , කොළඹ වෛද්‍ය පර්යේෂණයතනය , පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා කලුතර සෞඛ්‍ය විද්‍යායතනය යන ස්ථාන වල පිහිටි වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ පුහුණු පාසැල් වල එදා මෙදා තුර බිහිවූ අති විශිෂ්ටතම සිසුවා බවට අවිවාදයෙන් පිලිගැනෙන නයනානන්ද ගුණසේකරයන්ය...
මා අනූව දශකයේ කොළඹ වෛද්‍ය පර්යේෂණයතනයේ පුහුණුවට එක්වනවිට එතුමා පේරාදෙණිය පුහුණු පාසැලේ විදුහල්පති වූ අතර මා පුහුණුව අවසන කොළඹම පත්වීම් ලැබූ අතර තවත් නොබෝ කලක අවෑමෙන් එතුමා වයස පනස්පහෙන්ම විශ්‍රාම ලැබූ බැවින් එතුමා සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය මාහට හිමි නොවීය. නමුත් අප ශිෂ්‍යයන් අතර එතුමාගේ නම ජනප්‍රිය නාමයක් වූයේ තවත් අප අතර සිටි අති විශිෂ්ඨ යකු වූ වීරරත්න ගුරු පියාණන් අපට සියලු විශයන්ට විශිෂ්ඨ සම්මාන ලබා ගෙන ගුණසේකර සර් පිහිටුවා ඇති වාර්තාව හැකිනම් සමකරන ලෙස නිතර අපහට කිවූ නිසාය.
නමුත් අපට පෙර හා පසු කිසිදිනක එදා මෙදා එතුමා 70 දශකයේ පිහිටවූ වාර්තාව සමකල හැකිවෙකු අපගේ බැච් ටොප්ලා අතරින් බිහිනොවීය. 

සුමිල් අනුපම සහ අමිල අචින්ත
එහෙත් වසර 2016 දී දකුණු ලක කීර්තිමත් මහින්දයේ ආදි සිසුවෙකු වන කලුතර පුහුණු පාසැලේ "අමිල අචින්ත" නම් සුවිශේෂී දක්ෂයා මේ සුපිරි වාර්තාව අසලටම ගියේය... විශිෂ්ඨ සාමාර්ථ්‍යයන් 4 ක් ලබා මෙවර විශාල පිරිසක් පලමු වතාවේ අසමත්වූ Heamatology විෂයට ලංකාවේ ඉහලම ලකුණු ලැබූවද දෛවය අවාසනාවන්ත ලෙස ඔහුගේ වෑයම විශිෂ්ඨ සාමාර්ථයට අවශ්‍ය ලකුනු 75 ට තුනක් මෙපිටින් නතර කලේය..
දැන් ඔහු නවකයකු ලෙස අප සේවාවට පසුගියදා එක්වී ඇත.
ගුණසේකර සර් හැත්තෑව දශකයේ ඇරුඹූ ගමන අප සේවාවට ඉමහත් සේවාවක් ඉටුකර හා දෙස් විදෙස්හී අප නාමයට වෙසෙස් ගෞරවයක් ලබාදී සම්මානනීයව පේරාදෙනිය පුහුණු පාසැලේ අධිකාරි තනතුර හොබවා නිමා කලද අමිල අචින්ත වැනි සුවිශේෂී දක්ෂයන් රාශියකින් සමන්විත දෙදහසකට ආසන්න පිරිසක් සමඟ අප අද අභියෝගාත්මක යුගයක් පසු කරමින් සිටිමු.

දැන් වාර්ශිකව සියයකට වැඩි පිරිසක් සිව් වසරක විශේෂ උපාධ්ධාරීන් ලෙස අප සේවාවට එක්වෙති එහි සිව්වැනි කණ්ඩායම පසුගියදා සීමාවාසික පුහුණුව ඇරඹීය.ඒ අතර ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයන් ඇතුලු පන්ති සාමාර්ථයන් ලැබූවන් බොහෝමයකි.අප හමුවේ ඇති ඒ සැබෑ අභියෝගය නම් අප ඩිප්ලෝමා කණ්ඩායම මේ නව යුගයට උචිත වෘත්තිකයන් පිරිසක් බවට upgrade කිරීමයි.ඒ අතර උපාධිධාරීන් පශ්චාත් උපාධි සඳහා යොමුකිරීමයි.
අප ඩිප්ලෝමාධාරීන් ඩිප්ලෝමාධාරීන් ලෙසද උපාධිධරීන් එම ප්‍රථම උපාධිධාරීන් ලෙසද විශ්‍රාම ගන්නා යුගයද අප නිමාකරමින් සිටිමු.අමිල අචින්ත වැන්නවුන්ද ශකිලා ,ජයනි වැනි ප්‍රථම පන්තියේ ගෞරව උපාධි ලැබූවන්ද ,ආචාර්‍ය උපාධිධාරීන් ලෙස අප රසායනාගාර වල සේවයේ යෙදී විශ්‍රාම ගන්නා යුගයක් උදා කරගැනීමට අප දැන් වෙහෙසෙමින් සිටිමු...
ඒ උදාර අරමුණට යන ගමන ශ්‍රිලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ, ශ්‍රිලංකා වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යා සංගමයේ අප අරඹා ඇත. සැවොම එක්වී එකම අදිශ්ඨානයෙන් කටයුතු කලහොත් එම පැතුම ජයගැනීම අසීරු නැත. 
ජයසිංහ , බීචම්, දසනායක , ලෙනගල, වීරරත්න , වීරක්කොඩි, අමරසිංහ ,ගුනසේකර හා අශෝක ජයවර්ධන යන මෙකී නොකී සියලු ගුරුපියවරුන් මෑණිවරුන් ඒ දිනය උදාවනු දැකීමට විශ්‍රාම සුවයෙන් පසු වුවද අප වෙනුවෙන් බලාසිටින බව මම දනිමි....
මගේ මේ කෙටි සටහන අප වෘත්තිකයන් බිහිකිරීමට සිය ශ්‍රමය දහදිය කැපකල ගුණසේකර මහතා ප්‍රමුඛ ඒ ගුරු පියවරුනට, මෑණිවරුනට උපහාරයක් වේවා...! 
~ WSAL / SLSMLS /2016

මේ රෝෂිතා දුවගේ සටහන.....
රෝෂිතා දියණියගේ විවාහය

මෙතුමා ගැන ලියූ සටහනට ඌන පූර්ණයක් මෙසේ එක් කරමි:
නයනන්ද ගුනසේකර යන නාමය මගේත් මගේ සැමියාගේ ජීවිතයටත් මගේ දෙමාපියන්ගේ ජීවිතයටත් එක සේ වැදගත් වන නාමයකි. ඒ අප දෙපලගේත්, අප දෙමාපියන්ගේත් සරනබන්ධනයන්හි එක සාක්ෂි කරුවෙකු වන්නේ ඔහු බැවිනි. එතුමා මාගේ පියාගේ සමීපතම මිතුරෙකු වූවා මෙන්ම 70 දශකයේ කොළඹ වෛද්ය පර්යේෂණයතනයේ සමකාලීන මිතුරෙකුද විය. 

ඒ ඔස්සේ එතුමාගේ සරල බව, විචාරශීර්ලි බව පිළිබඳව යම් යම් දේ අසා තිබුනද මෙතුමා ලඟින් ඇසුරු කිරීමේ භාග්ය හිමි වූයේ Stories Crossing The Past (http://nayanagee.blogspot.com/2016/08/blog-post_20.html ) බ්ලොග් අඩවිය තුලිනි. ඒ ඔස්සේ මට හමු වූයේ පනස් විය පසු කල මහල්ලෙකු නොව මෙතෙක් අ මග පිළිබඳව තෘප්තිමත්, නවීන සමාජය පිළිබඳව වපරසකින් නොව විචාරශීලී දැක්මක් ඇති පරිනත වුර්තීයවෙදියෙකි. ඉතාමත් සංයමයකින් විචාරශීලීව හා විචක්ෂනව ලියා ඇති, මානව දයාවෙන් පිරුනු සුන්දර ලිපි මා කියවන්නේ ඉතාමත් අල්මකිනි. ජීවිතය පටන් ගන්නේ පනස් පහෙන් පසුවයි යන කියමන දැනට ජීවිතයේ තුන් වෙනි දශකය මුල සිටිනා මා විශ්වාස කරන දෙයක් වූවත් එය සනාථ වන ලෙස ජීවත් වන අය මා දැක ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන් වන අතර බ්ලොග් අඩවිය තුලින් වැඩි දුරටත් හඳුනා ගත මෙතුමද ඉන් එක අයෙකි. එවන් සුන්දර මිනිසෙකු අප දෙපලගේත් මගේ දෙමවුපියන්ගේත් ජීවිතයේ වැදගත්ම දිනයක වැදගත්ම කෙනෙකු වීම පිළිබඳව මා තුල ඇත්තේ ඉමහත් සතුටකි.”

You Might Also Like

0 comments