ඉන්දියාවේ ‘මෝඩි’ටත් ආදර්ශයක් වූ අපේ ‘ඇන්.ඇම්’....
11/17/2016
මේ සිදුවීම මට
මතක් වුණේ පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්වයත් එක්ක. පසුගිය නොවැම්බර් 8 වෙනිදා
අගමැති මෝඩි එක් ආන්දෝලනාත්මක පියවරක් ගත්තා. ඉන්දියාවේ එතෙක් වලංගුව තිබූ රු.
1000/= , 500/= නෝට්ටු අවලංගු කරලා ඒ වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කළා. දින
කිහිපයක් දුන්න තමන් වෙත ඇති පැරණි නෝට්ටු අලුත් ඒවාට මාරු කර ගන්න හෝ බැංකු
ගිනුමක තැන්පත් කරන්න. මේ තත්වය රට තුල මහා කලබැගෑනියක් ඇති කළා. නෝට්ටු වලින්
ලොකු මුදලක් තමන් ලඟ තබාගෙන සිටි අය ලොකු අපහසුතාවයකට පත් වුණා. විශේෂයෙන් කියක් හරි ඉතුරු කරගෙන හදිස්සියකට ගන්න ලඟ තබාගෙන හිටපු දුප්පත් අසරණ මිනිස්සු.
ලෝක අවධානය ඇමරිකන් ජනපතිවරණය වෙත යොමු වී තිබුණු නිසා මේ තත්වය ලොකු කතාබහකට යොමු වුයේ නැහැ.
ලෝක අවධානය ඇමරිකන් ජනපතිවරණය වෙත යොමු වී තිබුණු නිසා මේ තත්වය ලොකු කතාබහකට යොමු වුයේ නැහැ.
මෙසේකිරීමේ
මූලික අරමුණ වුයේ බැංකු පද්ධතියට පරිබාහිරව සිදුවන මහා පරිමාණ වැරදි මුදල්
හුවමාරුවන් අවම කිරීමටයි. අද ඉන්දියාවට වන්දනාවේ යන බොහෝ අය බැංකුවකින් ඉන්දීය
මුදල් ලබාගන්නේ නැහැ. සංචාරක චෙක් පත් මගින් මුදල් රැගෙන යන්නේ නැහැ. ඊට වඩා වැඩි
අගයක් දෙන තැරව් කරුවන් හෝ වෙළඳ ආයතන මගින් තමයි මුදල් ලබන්නේ. සමහර අය පුද්ගලික
මට්ටමින් විශාල මුදල් ප්‍රමාණ ලබාගෙන ඉන්දියාවේ සිටින ඒජන්ත කෙනෙකුට අතින් ලියා දෙන
කුඩා තුන්ඩුවක් මගින් එහිදී එය මුදල් කර ගැනීමට හැකි අකාර නිත්‍යානුකුල නොවූ
අයුරින් මුදල් හුවමාරු කරනවා. සේවාදායකයට මේ ක්‍රමය මදක් අවදානම් වුවත් පහසුයි
ලාබයි. (ඉන්දියානු මුදල් විශාල ප්‍රමාණයක් ළඟ තබාගෙන මේ වගේ business කළ ලාංකිකයනුත් ලොකු අපහසුවකට පත් වන්නට ඇති මේ අවස්ථාවේදී.) බලන්න ඉන්දියානු ජනතාව ලොව පුරා විසිරි සිටිනවා. මහා පරිමාණ ව්‍යාපාර
කරනවා. ඉන්දියාවට යනවා එනවා. මොන තරම් මුල්‍යමය පාඩුවක් රටට වනවා ඇතිද?
මේ සිදුවීම
මගේ සිත අතීතයට ගෙනගියා.
මා දන්නා
තරමින් මෙය ඉන්දියාවට කලින් අපේ රටේ කළ දෙයක් 1972 දී. (සමහර විට වෙනත් රටවලත් කරලා
ඇති.) N.M.පෙරේරා මහතා මුදල් ඇමති
ධුරය දරද්දී එකල තිබු ලොකුම නෝට්ටු වූ රු.100/= , 50/= අවලංගු කරලා ඒ වෙනුවට අලුත්
නෝට්ටු නිකුත් කළා. මෙහි අරමුණ වුණේ සංසරණය නොවී තැන තැන හිරවී තිබු රටේ මුදල්
සංසරණය සඳහා යොමු කර ගැනීම. ලොකු මුදල් ප්‍රමාණයක් නෝට්ටු මිටි හැටියට නිවෙස් වල
තිබෙන විට ඒවා රටට නැතිවූ මුදල් වලට සමාන බවත් බැංකු තුල තිබීමෙන් එහි තුන් ගුනයක
වටිනාකමක් ලැබෙන බවත් එදා මගේ පියා පැහැදිලි කළා.
“The year was 1972. The Finance
Minister of the government of Mrs. Sirimavo Bandaranaike that was in existence
was Dr. N. M. Perera. He suddenly cancelled all hundred and fifty rupee notes.
At that time, these were the notes of the highest denomination of the
government of Sri Lanka that were in circulation. He issued two new hundred and
fifty rupee notes in place of the cancelled currency notes. Anyone could
exchange the old notes for new ones at any bank. It was a period when people
rarely deposited money in banks. Money belonging to people in villages was in
their homes inside a pillow, if not under a sleeping mat or in a 'pettagama.'
All of that money came out. People took money in bags and sacks to Colombo to
get the notes exchanged. Finally a law was introduced that only a certain
amount per person could be exchanged. If it were hundred rupee notes only ten
could be exchange and if it were fifty rupees only twenty could be exchanged.”
අපට අදාල කතාව මෙහෙමයි.
මගේ දෙමාපියෝ ගුරුවරු. කලින් කලට පාසලෙන් පාසලට මාරු වෙමින් සේවය කළ අය.
අපට කියල නිවසක් තිබුණේ නැහැ. සමහර පාසල් වල ගුරුනිවාස තිබුණා. සමහර විට ප්‍රදේශයේ
නිවසක කුලියට සිටියා. එහෙමත් නොමැති විට පාසලේම කාමරයක තමයි අප පදිංචිව සිටියේ.
පියා විශ්‍රාම ගන්න සුදානම් වී තමයි නිවසක් ගැන කල්පනා කළේ. අමතර අදායම් තිබුණේ
නැහැ. මාසික වැටුපින් පවුලේ කටයුතු කරගෙන සාමාන්‍ය මට්ටමින් ජිවත් විමේ හැකියාව
තිබුණා. මහා ලොකු ඉතිරියක් කියල තිබුනෙත් නැහැ. කෙසේ හෝ විශ්‍රාම ගන්න ආසන්න
කාලයේදී තාත්තා කුරුණෑගලින් පර්චස් 20ක ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න සුදානම්
වුණා. ඒ කාලේ බොහෝ අය කළ ක්‍රමය අනුව වටේට ලෑලි ගහලා පොල් අතු සෙවිලිකරලා තාවකාලික කුඩා
නිවසක් සාදාගෙන එහි පදිංචියට ගියා. බොහොම විනෝදයෙන් අප එහි කල් ගත කළා. පසුව ස්ථිර
නිවසකට මුල්ගල් තියන්න අදහස් කළත් මුදල් ප්‍රශ්නය මතු වූවා. තාත්තාට තම
දෙමාපියන්ගෙන් උරුම වූ බිම් කොටසක් ගමේ තිබුණා. එය යාබද ඉඩමක සිටි ඥාතිවරයෙකුට රු. 6000/= කට
විකුණා මුදල් රැගෙන විත් අත්තිවාරම් දමන්නට සුදානම් වුණා. කොහොම හරි අප එදා තමයි මුල්වරට දුටුවේ එතරම් විශාල මුදලක් අපේ නිවසේ දී. ඒ වන විටත් තාත්තාට බැංකු ගිණුමක් තිබුණේ
නැහැ. අවශ්‍යතාවයකුත් නොතිබෙන්න ඇති. ඒ කාලේ බැංකු සමග ගනදෙනුකළේ ලොකු පඩි ගන්න අය හෝ
ව්‍යාපාරික අය පමණයි.
ඔන්න එකපාරටම නිවේදනය කළා රු.100/= ,
50/= නෝට්ටු අවලංගු කරලා ඒ වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කරන වග. බැංකු තුලින් එක්
අයෙකුට එක වරකට රු.1000/= ක පමණක් අලුත් නෝට්ටු ලබා ගත හැකි බවටත්. රටේ බපොරොත්තු
නොවූ මහා කලබැගෑනියක් පටන් ගත්තා. සල්ලි ගෙවල් වල ගොඩ ගහගෙන උන් අය මුදල් ඇමති
තුමාගේ මව් ගුණ ගයන්නට පටන් ගත්තා.
සැමදෙයක්ම උපේක්ෂාවෙන් බාර ගන්න පුරුදු වි සිටි තාත්තා කට
කොනකට සිනාවක් නගාගෙන,
“ඇන්ඇම් සහෝදරයා
අපිවත් එකපාරටම ධනපති පංතියට උස්සල තිබ්බා” කියල කීවා.
ඒ මුදල් ටික මාරු කර ගන්න අම්මයි තාත්තයි දෙතුන් දවසක්
පෝලිම් වල රස්තියාදු වුණා මතකයි. ඊට පසුව තමයි තාත්තා බැංකු ගිණුමක් වීවෘත කළේ.
තැනෙක කලබලකාරී ලෙසත් තැනෙක ඉවසීමෙන් සන්සුන්වත් පෝලිම්
වල සිටින ඉන්දියානු ජනතාව දුටු මට මේ සිදුවීම මතක් වුණා.
[N.M.පෙරේරා මහතා හඳුන්වා දුන් මග ඔස්සේ දිගටම යන්න
ලැබුණා නම් රටට මීට වඩා හොඳක් වෙන්න ඉඩ තිබුණා කියලා හිතෙනවා. මට පොඩි පෞද්ගලික ආඩම්බරකමක් තිබෙනවා N.M.පෙරේරා ගේ
නම සඳහන් කරන විට. මගේ වෘත්තීය ජිවිතයේ පළමුවන අංශ ප්‍රධානියා වූයේ එතුමාගේ
උරුමක්කාරයා වූ, ලංකා සම සමාජ පක්ෂයේ (‘බහුතර’ කණ්ඩායමේ නොව ‘නිළ’කණ්ඩායමේ) වත්මන්
නායක හිටපු ඇමති තිස්ස විතාරණ මහතා වීම.]
0 comments